නීතිවිරෝධීව කහ කිලෝග්රෑම් 800කට අධික තොගයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු කල්පිටිය ඒක්කාල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී කුඩා වර්ගයේ ලොරි රථයකින් එම කහ තොගය ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය සඳහන් කළේය.
එහි තිබී කහ කිලෝග්රෑම් 796යි ග්රෑම් 400ක තොගයක් සොයාගෙන ඇත.
සැකකරුවන් නොරොච්චෝලේ ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කල්පිටිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.






















