Sunday, November 15, 2026
HomeNEWSLatest Newsතේ කර්මාන්තය නගා සිදුවීමට ඉලක්කගත වැඩපිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කෙරේ

තේ කර්මාන්තය නගා සිදුවීමට ඉලක්කගත වැඩපිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කෙරේ

මෙරට තේ කර්මාන්තයේ බිඳවැටීමට හේතු වූ සාධක හඳුනාගෙන ලෝක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකා තේ (Ceylon Tea) සඳහා තිබූ ඉහළ ඉල්ලුම නැවත අත්කර ගැනීම ඉලක්කය විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බරපතළ පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මේ අතර, පාඩු ලබන වතු නිරීක්ෂණය කර තේ අපනයනය සහ ආදායම නැංවීමට දිගු, මධ්‍ය සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක කළයුතු යැයි ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පෙන්වා දුන්හ.

ප්‍රධාන වතු සමාගම් 20න් 10ක් අක්‍රීයව ඇති බව එහිදී අනාවරණය විය.

කුඩා තේ වතු ඉහළ නිෂ්පාදනයක් අත්කර ගන්නා විට වතු සමාගම්වල නිෂ්පාදන ධාරිතාව සීග්‍රයෙන් පහත වැටී ඇතැයි අනාවරණය කෙරිණ.

පාඩු ලැබීමට සහ අකර්මණ්‍යයට හේතු කෙටි කලකදී  හඳුනාගෙන ස්ථීර විසඳුම් දෙන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පාඩු ලබන වතු සමාගම් නියාමන ව්‍යාපෘතියක් ලෙස කුඩා තේ වතු හිමියන්ට පවරා සක්‍රීයත්වයට පත් කිරීමට  තීරණය කෙරිණ.

මාර්ග, රෝහල්, පාසල් සහ සනීපාරක්ෂාව ඇතුළු යටිතල පහසුකම් රජයේ මෙහෙයවීමෙන් සම්පාදනය කොට තිබියදී  වතු සමාගම් පාඩු ලැබීම ගැඹුරින් විමර්ශණය  කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය .

ඉහළ අස්වැන්නක් සඳහා තේ වතු ප්‍රතිසංස්කරණය කොට නැවත වගාව ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාව  දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

තේ පැල අස්වනු නෙළන තෙක් වගාකරුවන්ට ස්වයං රැකියාවක හෝ වෙනත් ජීවනෝපායක හෝ නිරතවීමට  සහන සැලසීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා  පෙන්වා දුන්නේය.

තේ පිළිබඳ නව පර්යේෂණවල සොයා ගැනීම් ප්‍රයෝජනයට නොගැනීම කර්මාන්තයේ පසුබැසීමට හේතු වී ඇති බව ප්‍රවීනයන්ගේ අදහස විය.  

පර්යේෂණ සඳහා ප්‍රමුඛත්වය දෙමින් නව වෙළෙඳපොළ හඹා යෑමේ අවශ්‍යතාව ඔව්හු පෙන්වා දුන්හ.

ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති Bio Tea (ජෛව තේ) කර්මාන්තය ව්‍යාප්ත කරමින් ලාභ ඉපැයීමේ හැකියාව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

වැවිලි කළමනාකරණ සහ නිරීක්ෂණ අංශය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව  ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් වසංගතය හමුවේ ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ දී රජය ගත් තීරණ හේතුවෙන් හාරලක්ෂ විසි එක් දහසකට ආසන්න කුඩා තේ වතු හිමියන් ආරක්ෂා වූ බව පැවසූ කුඩා තේ වතු නියෝජිතයෝ ඒ පිළිබඳව ජනපතිට ප්‍රශංසාව පළ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img