Sunday, November 15, 2026
HomeNEWSLatest News20න් කොමිෂන් සභාවලට වෙන දේ ගැන ඇමති ජී එල් කියයි

20න් කොමිෂන් සභාවලට වෙන දේ ගැන ඇමති ජී එල් කියයි

යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කොමිෂන් සභා 07ක අඛණ්ඩ පැවැත්ම සහතික කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අද (07) කොළඹ පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ, පෙර පැවති ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු කවුන්සිලයක් මගින් රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් තෝරා පත්කර ගන්නා බවය.

19වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අත්වූ අවාසි පිළිබඳ ව ඇමතිවරයා පැවසුවේ, “රට කෙතරම් අරාජික වුණත්, පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරක් ගතවන තුරු, තුනෙන් දෙකක බලයක් නැති නම් පාර්ලිමේන්තුව විසුරුවන්නට බැහැ. එහි ප්‍රතිඵලය තමයි ආණ්ඩුවක් නැති රටක්, ජනපති පත්වුණේ පසුගිය නොවැම්බර් මාසයේ, 19 නොතිබුණානම් එතුමා වහාම කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එක, ඒ නිසා මාස 10 අපතේ ගියා. අවාසිය රටේ ජනතාවට,“ යනුවෙනි.

“සමහර අය කියනවා 20 වන සංශෝධනය නිසා කොමිෂන් සභා අහෝසි වෙලා කියනවා, සම්පූර්ණ පට්ටපල් බොරුවක්, කොමිෂන් සභා 07ක් පැවැත්ම සහතික කරලා තියෙනවා 20 වන සංශෝධනය හරහා, එහෙත් මේ කොමිෂන් සභා 07 ස්ථාපිත කිරීම පිළිබඳ වෙනසක් ඇති වෙලා තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු කවුන්සිලයක්, එම කවුන්සිලයේ යෝජනා හා අදහස් ජනාධිපතිවරයා අනිවාර්යයෙන් විමසිය යුතුයි. අත්තනෝමතික ලෙස පත්කරන්න බැහැ, ජනාධිපතිවරයාට ඒ බලතල ලබා දීම සුදුසුයි“ යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img