Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅධික වේගයෙන් ආ මෝටර් රියේ ගැටුණු දෙදරු පියා ගිං ගඟට වැටෙයි

අධික වේගයෙන් ආ මෝටර් රියේ ගැටුණු දෙදරු පියා ගිං ගඟට වැටෙයි

අධික වේගයෙන් අපරික්ෂාකාරීව ධාවනය කළ මෝටර් රථයක ගැටුණු දෙදරු පියෙක් ගාල්ල-මාපලගම මාර්ගයේ වලව්ව හන්දිය අසල දී ගිං ගඟට වැටී අතුරුදන් වී තිබේ.

අද (07) සවස මෙම අනතුර සිදුවූ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

එලෙස අතුරුදන්ව ඇත්තේ සමන් ප්‍රියන්ත නැමැති 37 හැවිරිදි දෙදරු පියෙකි.

අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, නාවික හමුදා සහාය ද ලබා ගැනීමට නියමිත බවත් පොලීසිය පැවසීය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කාර්ය අසීරු වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.

තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරා රෝහල් ගතකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img