20 ගැන අගමැති පත්කළ කමිටු වාර්තාව මේ සතියේ.
20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නම දෙනෙකුගෙන් සමන්විත පත් කරන ලද ආණ්ඩුවේ කමිටු වාර්තාව මේ සතියේ දීම අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට නියමිත බව අධිකරණ අමාත්ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්රකාශ කරයි .මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ මහාචාර්ය ජී එල් පීරිස් මහතාය. මෙම කමිටුවේ විශේෂ සාකච්ඡාවක් සදුදා පැවැත්වීමට නියමිතයි.






















