Wednesday, June 3, 2026
HomeNEWSLatest Newsඅතහැර දමා ඇති ඇඹිලිපිටියේ වී මෝල

අතහැර දමා ඇති ඇඹිලිපිටියේ වී මෝල

මෙරට නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි දැවැන්ත වී මෝලක් වසර ගණනාවක් තිස්සේ රජයේ අවධානයට ලක් නොවීමෙන් විනාශ මුඛයට යමින් පවතී.

ඇඹිලිපිටියේ මොරකැටියේ අක්කර 16 ක භූමිභාගයක දැවැන්ත යන්ත්‍රසූත්‍ර ස්ථාපිත කරමින් 1972 වසරේදී ඉදි කෙරුණු මෙම මහා පරිමාණ වී මෝල දැනට වසර 15 ක සිට අක්‍රීයව පවතී.

එකල වී ලොරි 60 ක් පමණ දෛනිකව සහල් බවට පත් කෙරුණු මෙහි දැවැන්ත යන්ත්‍රසූත්‍ර මගින් එකවර ලොරි තුනක වී, සහල් බවට පත් කළ හැකි වුවත් අද වන විට එම දැවැන්ත යන්ත්‍ර විනාශමුඛයට යමින් පවතිනු දැකිව හැකිය.

එම යන්ත්‍රසූත්‍රවල ඇතැම් කොටස් අද සොරසතුරන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ගලවාගෙන ගොස් තිබේ.

නිෂ්පාදන ක්‍රියාවලියට විපුල ප්‍රයෝජන ගත් හැකි මෙවන් දැවැන්ත වී මෝලක් වවුලන්ගේ සහ මත්ලෝලීන්ගේ ප්‍රයෝජනයට ගැනීමට පමණක් ඉඩදී බලා සිටීම කොතරම් කනගාටුවට කරුණක්ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img