සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට පැ.කි.මී 50ට පමණ තද සුළං ඇති විය හැකිය.






















