Wednesday, October 28, 2026
HomeNEWSLatest Newsරජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්මගෙන් ඉල්ලයි

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්මගෙන් ඉල්ලයි

ජයේ ඉදිරි ගමනට සහය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග සංවිධානයෙන් ඉල්ලිමක් කර තිබේ.

එහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, දේශපාලන අධිකාරිය මැදිහත් වියයුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත්මග සංවිධානය ඉදිරියේ පවතින බවය.

රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මඟපෙන්වීම් සිදුකිරීමට ද එම සංවිධානයට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග සංවිධානයේ සමාජිකයන් වෙත ප්‍රකාශ කර තිබේ.

සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් කරගෙන යාමට වග බලා ගත යුතු යැයිද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු වියත්මග සභාපතිවරයා ලෙස ඊයේ (13)පස්වරුවේ ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේ දී පළමුවරට සාමාජිකයන් හමුවෙමින් ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කර ඇත.

වියත්මග විධායක සභාවේ දී ගත් තීරණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට පැහැදිලි කළ ඇති ජනාධිපතිවරයා  ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාව අවධාරණය කර තිබේ.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහිද අවධානය මෙහිදී යොමු කර ඇත.

2016 වසරේ අප්‍රේල් මස ඇරඹී වියත්මග, විවිධ ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img