Saturday, September 5, 2026
HomeNEWSLatest Newsහිටපු ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ අතර වූ දුරකථන...

හිටපු ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ අතර වූ දුරකථන සංවාදය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ තමන් අතර සිදුවු විශේෂ දුරකථන සංවාදයක හඬපටයක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (14) ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළේය.

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයාගේ පෞද්ගලික ජංගම දුරකථනය තුළ පටිගතකරන ලද තවත් සංවාද ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා එය වහාම ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය භාරයට ගන්නා ලෙසද කොමිසමේ සභාපතිවරයා නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.

පටිගත කරන ලද අදාළ දුරකථන සංවාදයේ සම්පුර්ණ කාලය මිනිත්තු 25 යි තත්ත්පර 04 ක්. පහතින් දැක්වෙන්නේ එම සංවාදයේ කොටසකි.

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන –  සර්… ” අපි මේක දැනගෙන හිටියා. මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ ” කියලා Statement එක දුන්න එකයි වැරැද්ද. මම Statement දෙන්න ගියේ නැහැනේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු – හොදයි. ඔයා කියන්න මාව දැනුවත් කළා කියලා. මම අයි.ජී ව දැනුවත් කරලනේ තිබ්බේ.

නිලන්ත – සර්ට මම 07 වෙනිදා දැනුවත් කළාම, Well Received කියලත් සර් එව්වනේ.

හේමසිරි – දැන් මෙතන තියෙන ප්‍රශ්නය ජනාධිපතිට කිව්වේ නැති එකනේ.

නිලන්ත – මගෙන් ඇහුවේ නැහැ ජනාධිපතිට කිව්වද කියලා. පත්තර වල යන්නේ ජනාධිපතිතුමාට නොකිම ප්‍රශ්නයක් කියලා.කොහොමටත් මම කිව්වේ නැහැ. 

හේමසිරි – හරි ඔයා කිව්වෙත් නැහැ මම කිව්වෙත් නැහැ.

නිලන්ත – දැන් ජනාධිපතිතුමා 20 ලංකාවේ හිටියෙත් නැහැනේ. එහෙමනම් මම අගමැතිට කියන්න එපැයි. මම අගමැතිට කිව්වෙත් නැහැ. එක රාජකාරි පැහැර හැරීමක් වෙන්නේ නැහැ. මේක ලොකු Issue එකක් වෙන්නේ නැහැ. පත්තර වලින් තමයි මේක Issue එකක් කරලා තියෙන්නේ. ඇත්තටම මේක Political Issue එකක්. 

හේමසිරි – වැරදි කාගේ අතිනුත් වෙනවා. දැන් මේගොල්ලෝ මාව Arrest කරන්න යන්නේ. මම ආරක්ෂක ලේකම්ධුරයෙන් අයින් වුණා.

නිලන්ත – IG Resign වුණා ද ?

හේමසිරි – නැහැ. IG යන්නේ නැහැයි කියලා අපි දෙන්නාටම ගහන එක හරි නැහැ.

නිලන්ත – සර්. මම හිතන්නේ සර් ජනාධිපතිතුමාව හම්බුනොත් හොදයි නේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img