Sunday, October 25, 2026
HomeNEWSLatest Newsහිටපු ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ අතර වූ දුරකථන...

හිටපු ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ අතර වූ දුරකථන සංවාදය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ තමන් අතර සිදුවු විශේෂ දුරකථන සංවාදයක හඬපටයක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (14) ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළේය.

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයාගේ පෞද්ගලික ජංගම දුරකථනය තුළ පටිගතකරන ලද තවත් සංවාද ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා එය වහාම ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය භාරයට ගන්නා ලෙසද කොමිසමේ සභාපතිවරයා නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.

පටිගත කරන ලද අදාළ දුරකථන සංවාදයේ සම්පුර්ණ කාලය මිනිත්තු 25 යි තත්ත්පර 04 ක්. පහතින් දැක්වෙන්නේ එම සංවාදයේ කොටසකි.

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන –  සර්… ” අපි මේක දැනගෙන හිටියා. මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ ” කියලා Statement එක දුන්න එකයි වැරැද්ද. මම Statement දෙන්න ගියේ නැහැනේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු – හොදයි. ඔයා කියන්න මාව දැනුවත් කළා කියලා. මම අයි.ජී ව දැනුවත් කරලනේ තිබ්බේ.

නිලන්ත – සර්ට මම 07 වෙනිදා දැනුවත් කළාම, Well Received කියලත් සර් එව්වනේ.

හේමසිරි – දැන් මෙතන තියෙන ප්‍රශ්නය ජනාධිපතිට කිව්වේ නැති එකනේ.

නිලන්ත – මගෙන් ඇහුවේ නැහැ ජනාධිපතිට කිව්වද කියලා. පත්තර වල යන්නේ ජනාධිපතිතුමාට නොකිම ප්‍රශ්නයක් කියලා.කොහොමටත් මම කිව්වේ නැහැ. 

හේමසිරි – හරි ඔයා කිව්වෙත් නැහැ මම කිව්වෙත් නැහැ.

නිලන්ත – දැන් ජනාධිපතිතුමා 20 ලංකාවේ හිටියෙත් නැහැනේ. එහෙමනම් මම අගමැතිට කියන්න එපැයි. මම අගමැතිට කිව්වෙත් නැහැ. එක රාජකාරි පැහැර හැරීමක් වෙන්නේ නැහැ. මේක ලොකු Issue එකක් වෙන්නේ නැහැ. පත්තර වලින් තමයි මේක Issue එකක් කරලා තියෙන්නේ. ඇත්තටම මේක Political Issue එකක්. 

හේමසිරි – වැරදි කාගේ අතිනුත් වෙනවා. දැන් මේගොල්ලෝ මාව Arrest කරන්න යන්නේ. මම ආරක්ෂක ලේකම්ධුරයෙන් අයින් වුණා.

නිලන්ත – IG Resign වුණා ද ?

හේමසිරි – නැහැ. IG යන්නේ නැහැයි කියලා අපි දෙන්නාටම ගහන එක හරි නැහැ.

නිලන්ත – සර්. මම හිතන්නේ සර් ජනාධිපතිතුමාව හම්බුනොත් හොදයි නේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img