Sunday, November 15, 2026
HomeNEWSLatest Newsයතුරුපැදිය ටිපර් රථයේ ගැටී ගුරුවරයෙක් මරුට

යතුරුපැදිය ටිපර් රථයේ ගැටී ගුරුවරයෙක් මරුට

කන්තලේ සේරුවිල මාර්ගයේ 12 බාධකය අසල දී අද (15) දහවල් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සිදුවු ස්ථානයේ දී ම එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර සූරියපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මේ අතර, නුවරඑළිය – තලවකැලේ මාර්ගයේ නානුඔය, වින්ඩිකෝනර් ප්‍රදේශයේ දී යතුරුපැදියක් හා ලංගම බස් රථයක ගැටීමෙන් සිදු වු අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නෝඩුඩ්, පහළ කොටසේ පදිංචිව සිටි සෙල්වරාජ් ප්‍රේම්සදීස් නැමති 24 හැවිරිදි තරුණයෙකි. 

යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය වු වාහනයකට ඉස්සර කිරීමට යාමේ දී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සිදුකරන ලද මුලික පරීක්ෂණවල දී ආවරණය වී තිබේ. 

බස් රථයේ රියදුරු පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img