නව වැනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) පළමු රැස්වීම ලබන 22 වැනිදා පැවැත්වෙන අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) පළමු රැස්වීම ලබන 23 වැනිදා පැවැත්වේ.
එම දින දෙකේදීම රැස්වීම් පස්වරු 2.30 ට ඇරඹෙනු ඇත.
එහිදී කාරක සභා සඳහා සභාපතිවරුන් තෝරා පත් කර ගැනීමට නියමිත අතර ඉන්පසු කාරක සභා හමුවට කැඳවන රාජ්‍ය ආයතන මොනවාද යන්න තීරණය කිරීමට නියමිතය.
මීට අමතරව, ලබන 24 වැනිදා “මහජන පෙත්සම් කාරක සභාව” රැස්වීමට නියමිතය. එදින ද එම කාරක සභාවේ සභාපතිවරයා තෝරා ගැනෙනු ඇත.






















