Sunday, November 15, 2026
HomeNEWSමත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් වැයකර නිවාස සංකීර්ණ මිලට ගැනීම් ගැන තොරතුරු

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් වැයකර නිවාස සංකීර්ණ මිලට ගැනීම් ගැන තොරතුරු

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ විවිධ පුද්ගලයින් එම මුදල් වැය කර නිවාස සංකීර්ණ මිලට ගැනීමට කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

පොලීසිය පැවසුවේ ඇතැම් පිරිස් වැඩබිම්වල සැඟව සිටින බවටත් තොරතුරු ඇති බවය.

එම කරුණු හෙළිවූයේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති දෙස් විදෙස් සමාගම් මගින් ඉදිකරන මහ පරිමාණ ගොඩනැගිලි හා වැඩබිම්වල හිමිකරුවන්ව දැනුවත් කිරීම සඳහා පැවති වැඩසටහනකදී ය.

එම රැස්වීම බස්නාහිර  පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණි. 

ඊට 350 කට අධික පිරිසක් එක්වී ඇති අතර ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මෙහිදී පැමිණි පිරිස ව දැනුවත් කර තිබේ.

මේ අතර, ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට බූස්ස බන්ධනාගාරයේ දී ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර ඇති සංවිධානත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී“ නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

පැය 6කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බූස්ස බන්ධනාගාරයේ දී ඔහුගෙන් සාක්ෂි සටහන් කරගැනීම කළ බව වාර්තා වේ.

මේ අතර, මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකු ලෙස සැලකෙන විශ්‍රාමික හමුදා සෙබළෙක් වන 45 හැවිරිදි ගබඩාගේ දොන් ශිවංක හෙවත් ආමි ශිවා නමැත්තා බේරුවල පාදාගොඩ ප්‍රදේශයේ දී කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 23ක්,විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, සයනයිඩ් කරලක්, බෝර 12 ගිනි අවියක් හා එම ජීවඋණ්ඩ 05 ක්, ටී 56 ජීව උණ්ඩ 05 ක්, මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 07 ක්, කඩු 2ක් සොයා ගැණුනි.

එමෙන්ම යුද හමුදා නිල ඇදුමක්, යුද හමුදා කැලෑ ඇදුම් කට්ටලයක්, යුද හමුදා බඳ පටියක්, යුධ හමුදාව භාවිත කරන වෙඩි නොවදින කබායක් ,ගෑස් මුහුණු ආවරණයක්, යුද හමුදා හිස් වැසුමක්, යුද හමුදාව භාවිත කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිතියමක් සහ යුද හමුදා ලේඛන ඇතුළත් ලිපි ගොනු 3ක්ද සොයා ගෙන තිබේ.

බණ්ඩාරගම, අටුලුගම, මාරාව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් ෂාරිෆ් රිෆායි නොහොත් ගොටුකොළ රිෆායි නැමැත්තා අද බණ්ඩාරවෙලදී පොලිස් අත්අඩංගුවට ගත්තේය.

පසුගිය 09 වැනිදා පොලිස් නිලධාරීන් විසින් කේරළ ගංජා ජාවාරමක් සොයා අටුලුගම සිදුකළ වැටලීම අතරතුර මෙම සැකකරු පළාගොස් තිබූ අතර ඔහුගේ සමීපතමයින් සිදුකළ පහරදීමෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුද තුවාල ලැබීය.

මේ අතර, රුපියල් ලක්ෂ 50 ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 120 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අක්කරෙයිපත්තුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

අවුරුදු 30 සහ 27 වයස්වල පසුවන එම සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශවලට අනුව පොතුවිල් ප්‍රදේශයෙන් ලබාගන්නා මත්කුඩු ඔවුන් විසින් අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ බෙදාහරින බව අනාවරණ වුණි.

45 හැවිරිදි මවක්, ඇයගේ 27 හැවිරිදි පුත්‍රයා සහ තවත් 27 හැවිරිදි තරුණයෙකු කේරළ ගංජා කිලෝග්‍රෑම් එකක්, කේරළ ගංජා අඩංගු කුඩා පැකට් 57 ක් සහ රුපියල් 33,500 ක මුදලක් සමග කොච්චිකඩේ හලාවත මාර්ගයේදී අත්අඩංගුවට ගෙන ඇත.

තවත් වැටලීමකදී, ගොතටුව දොඩංගහහේන ප්‍රදේශයේ හෙරොයින් අලෙවි කරමින් සිටි අයෙකු හෙරොයින් ග්‍රෑම් 35ක්ද සමග ගොතටුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img