Sunday, November 15, 2026
HomeNEWSනීතිවිරෝධී ලෙස වාහන උකසට ගන්නා ස්ථානයක් - උකුස්සාගේ හෙළිදරව්වක්

නීතිවිරෝධී ලෙස වාහන උකසට ගන්නා ස්ථානයක් – උකුස්සාගේ හෙළිදරව්වක්

ෆිනෑන්ස් සමාගම්වල වාරික නොගෙවන වාහන නීතිවිරෝධී අයුරින් උකසට ගෙන තබාගන්නා ස්ථානයක් පිළිබඳ ව “අද දෙරණ” උකුස්සාට අනාවරණය විය.

ෆිනෑන්ස් සමාගම් හරහා මිලදීගෙන වාරික නොගෙවන පුද්ගලයින්ගේ වාහන නීතිවිරෝධී අයුරින් මෙම ආයතනය විසින් උකසට ලබාගෙන තබාගනී.

එම ස්ථානය පිහිටා ඇත්තේ මාකොළ ප්‍රදේශයේ.

“අද දෙරණ” උකුස්සා, එහි ඇති වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් එම ස්ථානයට ළඟාවිය.

දැඩි ආරක්ෂාව යටතේ එහි වාහන රඳවා තිබූ අයුරු දක්නට ලැබුණි.

යතුරුපැදි, මෘත ශරීර රැගෙන යන කාර්, ගිලන් රථ සහ අධි සුඛෝපබෝගී මෝටර් රථ ඇතුළු සියලුම වර්ගයේ වාහන මෙහිදී දැකගත හැකි විය.

එහි සිටි සේවකයෙකු පැවසුවේ ෆිනෑන්ස් වාරික ගෙවා ගැනීමට නොහැකි පුද්ගලයින් විසින් වාහන, මෙහි උකසට තබා ඇති බවය.

නමුත් එසේ උකස් තැබූ වාහනයක් යළි ලබාගැනීම පහසු නොවන බව වාර්තා වේ. ඒ වාහනයේ හිමිකරුට කොන්දේසි රැසකට යටත්වීමට සිදුවන බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img