“හයිලෙවල්“ මාර්ගයේ කොස්ගම, අලුත්අම්බලම ප්රදේශයේ දී මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් අතුරු මාර්ගයකට හැරවීම සඳහා මාර්ගයේ නැවැත්වූ විට පිටුපසින් ආ යතුරුපැදියක් එහි ගැටෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
ඊයේ (03) සවස සිදුවූ මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.






















