ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සහ උපදෙස් ලබාගැනීමටත් අනෙකුත් ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් රජය පියවර ගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
“ශ්‍රී ලංකාව පසුගිය වරස 50කට ආසන්න කාලය තුළ 29 වතාවක් IMF එකෙන් ආධාර සහ ණය ලබාගෙන තිබෙනවා.”
“ඒ සම්බන්ධයෙන් විශාලතම ණය ප්‍රමාණය ලබා ගත්තේ 2009 වසරේදී.”
“ඉතින් අපි ඒ සම්බන්ධයෙන් දැඩි මතයක නෑ.”
“IMF සහය සහ උපදෙස් ලබා ගැනීමටත් අනෙකුත් ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරන්නටත් රජය කටයුතු කරනවා.”
“ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග දැනටමත් රජය ගනුදෙනු කරමින් සිටිනවා.”






















