Wednesday, June 3, 2026
HomeNEWSLatest NewsLPL තරඟාවලියට ආ විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ට කොවිඩ්

LPL තරඟාවලියට ආ විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ට කොවිඩ්

LPL තරඟාවලියට ආ විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ට කොවිඩ්

“ලංකා ප්‍රිමියර් ලීග්“ පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන දේශීය ක්‍රීඩකයා වන ලසිත් මාලිංග එම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.‍

ඒ, තරඟාවලිය සඳහා සූදානම්වීමට ප්‍රමාණවත් කාලයක් නොමැතිවීම හේතුවෙන් බව ඔහු සඳහන් කරයි.

LPL තරඟාවලියට සහභාගීවීමට සිටි පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනයවීම මෙන්ම තරඟාවලියේදී වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තරඟාවලියෙන් ඉවත්වීමද සිදුව තිබේ. 

එමෙන්ම ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග තරඟාවලියෙන් ඉවත්වීමට තීරණයකර ඇති අතර මාලිංග කියා සිටියේ මේ වසරේ පැවැති කොදෙව් තරඟාවලියෙන් පසු ක්‍රීඩාවට යොමුවීමට අවස්ථාවක් නොලැබුණු බවත්, ඉන් පසුව කිසිදු පුහුණුවීමක නිරතවීමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවත්ය.

ඉහළ මට්ටමේ තරඟාවලියක් සඳහා පුහුණුවක් නොමැතිව සහභාගීවීම පන්දු යවන්නෙකුට පහසු දෙයක් නොවන බව සිය ඉවත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලසිත් මාලිංග කියා සිටියේය.

මේ අතර තරඟාවලිය සඳහා සහභාගීවීමට පැමිණි කැනඩාවේ රවීන්දර්පාල් සිංට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර ඔහු සහ සෙසු ක්‍රීඩකයන් මෙරටට පැමිණි අවස්ථාවේදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඒ බව තහවුරු වී තිබේ.

කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සිටි රවීන්දර්පාල් සිං සමඟ අන්ඬ්‍රේ රසල්ද එම ගුවන් යානයේ පැමිණි ඇති බැවින් රසල් නිරෝධායනට ලක්කර ඇති බව වාර්තා වේ. 

එමෙන්ම කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන පාකිස්තානු ක්‍රීඩක සොහෙල් තන්වීර්ටත් කොවිඩ් ආසාදනය වී ඇති  බව වාර්තා වේ.

මේ අතර තරඟාවලියට සහභාගීවීම සඳහා දකුණු අප්‍රිකාව, පාකිස්තානය, එංගලන්තය සහ ඇෆ්ගනිස්ථාන යන රටවල්හි  ක්‍රීඩකයන් 8 දෙනෙකු ඊයේ රාත්‍රීයේදී දිවයිනට පැමිණ ඇති අතර  PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු නිරෝධානය සඳහා යොමු කෙරුණි. 

ඒ අනුව, තරඟාවලියට සහභාගී වන විදේශීය ක්‍රීඩකයන්, කාර්ය මණ්ඩල සහ තරඟාවලිය සංවිධායකයින් මේ වන විට තරඟ පැවැත්වෙන හම්බන්තොටට පැමිණ සිටී.

මේ අතර ලංකා ප්‍රියමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ නිල තේමා ගීතය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදැක්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img