Thursday, April 16, 2026
HomeNEWSMCC ප්‍රදානය නවතා දැමේ

MCC ප්‍රදානය නවතා දැමේ

MCC ප්‍රදානය නවතා දැමේ

MCC එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කරඇති බව වාර්තා වේ.

පසුගිය අඟහරුවාදා රැස් වූ MCC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අද (17) නිකුත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවක් මත පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් අදාළ මුදල් පිරිනැමීමට අමෙරිකාව තීරණය කර තිබුණි.

එහෙත් පසුගිය මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව එම ගිවිසුම සමාලෝචනයකින් තොරව අත්සන් නොකරන බවට රජය තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img