Thursday, September 10, 2026
HomeNEWSඋතුරු නැගෙනහිර සිංහල මාධ්‍ය පාසල් ගුරු සහයකවරුන්ගේ පත්වීම් පිළිබඳ සාකච්ඡාවක්

උතුරු නැගෙනහිර සිංහල මාධ්‍ය පාසල් ගුරු සහයකවරුන්ගේ පත්වීම් පිළිබඳ සාකච්ඡාවක්

උතුරු නැගෙනහිර පළාත් වල සිංහල මාධ්‍ය පාසල් ගුරු සහයකවරුන්ට එම පාසල්වලටම පත්වීම් ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ මැදිහත්වීමෙන්.සිසු සෙවණ සංවිධානයේ සභාපති කෝසල පත්තිනිගේ මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි විය.සිංහල මාධ්‍යය පාසල් ගුරු සහයකවරු තුන්සිය පනහකට ආසන්න ප්‍රමාණයක් මෙම ගැටලුවට විසඳුම් අපේක්ෂා කරයි.අදාළ සුදුසුකම් මත පත්වීම් ලබාදීම පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය පී සත්‍යලිංගම්,කාදර් මස්තාන් යන මහත්වරු ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img