Monday, September 14, 2026
HomeNEWSතිස්සගේ ආරාධනාවකට රනිල්- සජිත් හමුවක්

තිස්සගේ ආරාධනාවකට රනිල්- සජිත් හමුවක්

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුවී තිබෙනවා.මෙම හමුව සිදුවී ඇත්තේ පසුගියදා තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදී.මෙම හමුව සිදුවීමට හේතු වී ඇත්තේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක , හිටපු අමාත්‍ය තිස්ස අත්තනායකගේ දියණියගේ විවාහ මංගල උත්සවයයි.මෙම විවාහ උත්සවයේදී මනාලියගේ පාර්ශවයෙන් සජිත් ප්‍රේමදාස අත්සන් කළ අතර මනාලයාගේ පාර්ශවයෙන් අත්සන් කළේ රනිල් වික්‍රමසිංහයි.තිස්ස අත්තනායකගේ දියණිය වන දුල්මිණි අත්තනායකගේ අත ගත්තේ ව්‍යාපාරිකයෙක් වන අනෝජ් කුමාරගේ.විවාහයෙහි සාක්ෂියට අත්සන් කළ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර කතා බහක් සිදුවී නැතත් ඉතා කෙටියෙන් යම් අදහස් හුවමාරුවීමක් සිදු වුණා.සජිත් ප්‍රේමදාස පිටත්ව යාමට සූදානම් වන විට රනිල් වික්‍රමසිංහ විමසා ඇත්තේ ඩිනර් එකට එනවාද යනුවෙනි.සජිත් ප්‍රේමදාස එහිදී බලමු යනුවෙන් පිළිතුරු ලබා දී පිටත්ව ගොස් තිබෙනවා.විවාහ උත්සවයට කරූ ජයසූරිය, තලතා අතුකෝරාල, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු දේශපාලඥයින් පිරිසක්ද එක්ව සිටියා .ඉන් අනතුරුව කොළඹ හෝටලයක පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සමගි ජන බලවේගයේ දේශපාලඥයින් පිරිසක්ද එක්ව තිබෙනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img