Monday, September 14, 2026
HomeNEWSනාමල්ට හා දයාසිරිට අවවාද

නාමල්ට හා දයාසිරිට අවවාද

නාමල් හා දයාසිරිට අවවාද සුගිය 05 වැනි දා තුන්මුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවැති එරන්ද ගිනිගේ අවතරණය කෘතිය එළිදැක්වීමේ උළෙලට සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය අසුනේ අසුන් ගැනීමට සැරසෙත්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහින්දට වාරු දුන්නේය. දයාසිරිගේ වාරුවෙන් අසුන්ගත් මහින්ද කොහොමද කොහොමද මට හම්බවෙන්න ඕන යනුවෙන් දයාසිරිට පැවසුවේ සිනාසෙමිනි. හරි සර් මම වෙලාවක එන්නම් කෝ සර්ව හම්බවෙන්න යනුවෙන් දයාසිරි සුපුරුදු සිනාව මුවගට නගා ගනිමින් පැවසීය. එහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ දීප්ති කුමාර ගුණරත්න ජනාධිපති අපේක්ෂකයෝ වෙන්න ඉන්න අය හොඳට මතක තියාගන්න ඕන මේ ගෝඨාභයට වෙච්ච වැඩේ. බලයට ගේන්න මහන්සි වෙච්ච උන්ම තමයි අන්තිමට එයාව අල්ලලා පොළොවේ ගැහුවේ. උන්ගෙන් පරිස්සම් වෙන්න ඕන. මොකද උන් දන්නේ නෑ මොකටද මේ දුවන්නේ කියලා. ඒ නිසා අනාගතයේදී ජනාධිපතිවරු වෙන්න ඉන්න අය බොහොම පරිස්සම් වෙන්න ඕන. දයාසිරි නාමල් පරිස්සම් වෙන්න ඕනේ ඔයාලව අරන් යන අය තමයි ඔයාලව අල්ලලා පොළොවේ ගහන්නේ යනුවෙන් දයාසිරි හා නාමල් දෙස බලා පැවසීය. සෙනඟ අතර අසුන්ගෙන සිටි නාමල්ද එහිදී සිනාසී ප්‍රතිචාර දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img