Wednesday, September 23, 2026
HomeNEWSපොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

කෙසේ වෙතත්, මෙම වෙනස නිල ඇඳුමට පමණක් සීමා නොකර පොලිස් සේවයේ සමස්ත ගුණාත්මකභාවය ඉහළ නැංවීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවේ පොලිස් සේවය මේ වන විට දේශපාලනීකරණයෙන් මුළුමනින්ම නිදහස් කර ඇති බවයි.

කිසිදු බාහිර බලපෑමකින් තොරව ස්වාධීනව විමර්ශන සිදු කිරීමට අවශ්‍ය පසුබිම සහ පහසුකම් පොලිස් නිලධාරීන්ට සලසා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

පාතාල ක්‍රියාකාරීන්ගෙන් එල්ල වන තර්ජන හමුවේ පොලිසිය කිසිසේත් පසුබට නොවන බව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර, පොලිස් සේවයේ පවතින නිලධාරී හිඟය මඟහරවා ගැනීම සඳහා මේ වසර තුළ නවක නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති අතර, ඉන් 6,000කට ආසන්න පිරිසක් මේ වන විට සේවයට අන්තර්ග්‍රහණය කර ඇති බව ද අනාවරණය විය.

පොලිස් නිලධාරීන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පොලිස් සේවයටම ආවේණික වූ සුවිශේෂී වැටුප් ව්‍යුහයක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීන්දුවක් ගෙන ඇති බවයි. ඒ සඳහා වන අනුකමිටුවක් ද මේ වන විට ක්‍රියාත්මක බව ඔහු පැවසීය.

එමෙන්ම පොලිස් නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් ලබාදීම සම්බන්ධ කරුණු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පොලිසියේ බාහිර ප්‍රතිරූපය වෙනස් කිරීමට සමගාමීව, මහජනතාව සමඟ සමීපව කටයුතු කරන වඩාත් මිත්‍රශීලී සහ ගුණාත්මක පොලිස් සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img