Monday, September 14, 2026
HomeNEWSබිග් බොස් කවුද ?පාස්කු ප්‍රහාරය ගැන නිශාම්ගෙන් පාර්ලිමේන්තුවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

බිග් බොස් කවුද ?පාස්කු ප්‍රහාරය ගැන නිශාම්ගෙන් පාර්ලිමේන්තුවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නැගෙනහිර ආඥාපති වශයෙන් කටයුතු කළ නිලධාරියා සම්බන්ධයෙන් කිසිම පියවරක් ගෙන නොමැති බවත් ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කැකිල්ලේ නඩු තීන්දුවක් ද යන්න සැක මතුවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාම් කාරියප්පන් මහතා අද පාලමේතුවේදී ප්‍රකාශ කළේය.වීර වික්‍රම විභූෂණ සම්මානයෙන් පිදුම් ලද අනුර ජයසේකර මහතා අද ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති බවත් පාස්කු ප්‍රහාරය වැළැක්වීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු ගැන කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බවත් මේ ගැන ආණ්ඩුව කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් නිශාම් කාරියප්පන් මහතා විසින් පෙන්වා දෙන ලදි.ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වෙනි බුද්ධි බලකාය වෙත වැදගත් තොරතුරු රැසක් ලබා දී තිබියදීත් පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත ආරක්ෂාව භාරව සිටි හමුදා ප්‍රධානියාගෙන් කරුණු විමසන්නේ නොමැති බවත් මේ ගැන ආණ්ඩුව තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවත් නිශාම් කාරියප්පර් මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව ඔහු කියා සිටියේ මේ ප්‍රහාරය වහන්න හදන බිග් බෙස් කවුද යන්න සොයා ගත යුතු බවයි. එතකොට පාස්කු ප්‍රහාරයේ බිග් බොස් ගැන තොරතුරු සොයා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද නිශාම් කාරියප්පර් මහතා ප්‍රකාශ කළේය.මෙම පාස්කු ප්‍රහාරය විමර්ශනයේදී සමහරක් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් සමහර නිලධාරීන්ට එරෙහිව කිසිදු නීතියක් ක්‍රියාත්මක නොකරන බවත් ඒ අනුව මෙය කැකිල්ලේ නඩු තීන්දුවක් දැයි සැකයක් පවතින බවත් නිශාම් කාර්යප්පර් මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේය.අරුණ ජයසේකර මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඔහු ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති නිසා දැයි ද කියාද නිශාම් කාරියප්පර් මහතා ප්‍රශ්න කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img