Tuesday, September 22, 2026
HomeNEWSමහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි


මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි.

එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ.

                                                                                                                          අධිකරණ ඇමති පවසයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා මහර බන්ධනාගාරය තුළ ඇති වු සිද්ධිය පිළිබඳව අද පෙරවරුවේ (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.

2026.08.01 වන දින පස්වරු 3.45ට පමණ මහර බන්ධනාගාර තුළ රැඳවියන් දෙනෙකු වහලය මත නැගී ඇති වු සිද්ධිය සමනය කිරීමට බන්ධනාගාර අධිකාරිවරයා සාකච්ඡා කළ ද එකඟතාවයකට රැඳවියන් පැමිණ නැහැ. රැඳවියන් කළහකාරි ලෙසින් කටයුතු කරන විට බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් ප්‍රධාන දොරටුව දක්වා පසුබැස තිබෙනවා. ඉන් පසුව රැඳවියන් ප්‍රධාන ජේලර් කාර්යාලය සහ විනය අංශය ගිනි තබා විනාශ කර තිබෙනවා. විශේෂ කාර්ය බලකාය පොලිසිය යුද හමුදාව කැඳවා බන්ධනාගාර පරිශ්‍රය අවට ආරක්ෂාව තර කර තිබෙනවා. රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් කටයුතු කළා. කර්මාන්ත අංශය මුළුතැන් ගෙය ඔවුන් විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා. මෙම සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන්ට තුවාල හෝ ජීවිත හානියක් සිදුව නැහැ. එක් රැඳවියෙක් මියගොස් තවත් රැඳවියන් 8 දෙනෙකු තුවාල ලබා තිබුණා.
මහර බන්ධනාගාරයේ ඇති වු තත්වය මීගමුව බන්ධනාගාරයේ සිද්ධියට වඩා වෙනස් බව කිව යුතුයි. මොවුන් මෙම සිද්ධිය ඇති කර ගන්නේ පාලන තන්ත්‍රය සමඟයි. නමුත් රැඳවියන් අතර මත්ද්‍රව්‍ය ආරවුලක් අනුව මීගමුවේ සිද්ධිය ඇති වෙන්නේ. රැඳවියන් අතර ආරවුලක් ඇති වුණහම ඔවුන් සමඟ සාකච්ඡා කොට විසඳා ගන්නවා. නමුත් මහර බන්ධනාගාරය තුළ මොවුන් මෙම සිද්ධිය ඇති කිරීමට ආසන්න කරුණක් මේ දක්වා සොයා ගෙන නැහැ. රැඳවියන් දෙනෙකු අතර ප්‍රශ්නයක් තිබෙන විට තවත් තුන් හතර දෙනෙක් එන්න පුළුවන්. නමුත් එක්වරම රැඳවියන් දාහක් විතර එන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. පෙර නොවු විරූ ආකාරයට ගිනි තැබීම් සිදු කර තිබෙනවා. ප්‍රධාන ජේලර් කාර්යාලය, බෙහෙත් ගන්න ස්ථානය, මුළු තැන් ගෙය කර්මාන්ත අංශය විනාශ කර තිබෙනවා. මේක කළ අයගේ අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ මහර බන්ධනාගාරය කඩාකප්පල් කිරීම බව පේනවා. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරි අය ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. අවශ්‍ය පියවර ගන්නවා.
මේ ගිනි තබා විනාශ කරලා තියෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතා මුදල් බව මේ රැඳවියන්ගේ දෙමාපියන් තේරුම් ගන්න ඕන. මේවා නැවත හදන්න ඕනත් බදු ගෙවන ජනතා මුදල් යොදවා බව තේරුම් ගත යුතුයි. මේ කළහකාරි තත්වය ඇති කළේ සියලු දෙනා නොවෙයි. කිහිප දෙනෙක් ඉන්නවා.
තමන්ගේ ආදරණියන්ට කියන්න ඕන රජය විසින් රස පරීක්ෂක වාර්තා කඩිනම් කරමින් අවශ්‍ය පහසුකම් ලබාදීමට ක්‍රියා කරමින් සිටින මොහොතක මේ ක්‍රියාවන් හරහා ඔවුන්ගේ සුභ සාධක මට්ටම් නැති කර ගන්න තත්වයකට පත් කර ගන්න එපා කියලා .
සිදු වු අලාභය විශාලයි. මේ ප්‍රශ්නය යටතේ වෙනත් බන්ධනාගාරවලින් රැඳවියන්ට ආහාර ඇතුළු අවශ්‍යතා ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරගෙන යනවා.
මේ වන විට මගේ සභාපතිත්වයෙන් ආනන්ද විජයපාල ඇමතිතුමා ඇතුළු ලේකම්වරුන්, පොලීසිය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව බන්ධනාගාර තදබදය අවම කිරීමට සහ රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමට හා බන්ධනාගාර අරාක්ෂාව පිළිබඳව අවශ්‍ය වාර්තාවක් ලබා දෙනවා . මෙය රැල්ලක් ලෙස බන්ධනාගාර තුල ඇති වෙන්න පුළුවන්ද කියලා අපි අවධානය යොමු කර තිබෙනවා. ඇතිවන ඕනෑම තත්වයකදී ජීවිත හානි අවම කර පාලනය කිරීමට පියවර ගන්නවා. තවත් බන්ධනාගාර දෙක තුනක මෙවැනි තත්වයක් පිළිබඳව යම් තොරතුරු අපට ලැබි තිබෙනවා. ඒවා බන්ධනාගාර දෙපාර්තමෙන්තු ප්‍රධානීන්ට ලබාදී තිබෙනවා. ඇතිවන ඕනෑම තත්වයක් පාලනය කරන්න අවශ්‍ය සම්බන්ධිකරණයක් අපි ගොඩ නගනවා යැයිද අමාත්‍යතුමා පැවසීය.

මාධ්‍ය ඒකකය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාලව චෝදනා එල්ල වූ 24 දෙනාගෙන්, 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි. 09 දෙනෙකු නිදොස්...

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img