Wednesday, September 23, 2026
HomeNEWSමහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය –
රජයේ වැඩපිළිවෙළ තුළ මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීමත්, සමාජය තුළ යහපත් වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගයත් ඉතා වටිනා ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
වතුරවිල වනවාස සංඝ මූලස්ථානාධිපති , ශ්‍රී ඥාණානන්ද වනවාස මහා පිරිවෙණේ අධ්‍යක්ෂ අතිපූජ්‍ය මහකන්දේ රතපාල ස්වාමීන්වහන්සේ , ශ්‍යාමෝපාලි වනවාස නිකායේ මහනායක ධූරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් අගෝස්තු 15 දින පැවති උත්සව අවස්ථාවට සම්බන්ධ වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහි දී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
දශක හයකට ආසන්න කාලයක් පුරා වනවාස සම්ප්‍රදාය, ශාසනික අධ්‍යාපනය සහ ධර්ම ශාසනයේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් අතිපූජ්‍ය මහකන්දේ රතනපාල ස්වාමීන්වහන්සේ ඉටු කළ මෙහෙවර ඉතාමත් වටිනවා.
උන්වහන්සේ වෙත පිරිනැමුණු මහානායක ධුරය එම ශාසනික මෙහෙවරට ලැබුණු මහත් ගෞරවයක්.
වනවාසී භික්ෂූන්වහන්සේලා ස්වභාවධර්මය සමඟ සහජීවනයෙන් හා සංයමයෙන් යුතුව ගත කරන ජීවන රටාව වගේම ආරණ්‍යවාසී භික්ෂූන්වහන්සේලාගේ ජීවන සම්ප්‍රදාය තුළින් ප්‍රකාශවන සරලත්වය, සංයමය, විනය සහ අනාගතය පිළිබඳ වගකීම, රටක් නවීකරණය කරන මේ ගමනේදී ඉතා වැදගත් ආදර්ශයක්.
අද අපි රටක් ලෙස ඉදිරියට යමින් සිටින්නේ අලුත් දේ ගොඩනගමින් පමණක් නොවෙයි. අපි සතු දේවල් අලුත් කරමින්, ජනතාවට වඩා යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරමිනුයි. අපි දැන් ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කරමින් මෙට්‍රෝ සේවා හඳුන්වා දීමේ සිට සෞඛ්‍යය, අධ්‍යාපනය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නවීකරණය කරමින් මේ වෙනස අත්විඳිමින් සිටිනවා.
අපි රටක් ලෙස ගොඩනැගීමට බලාපොරොත්තු වන්නේ වඩා පොහොසත් රටක් පමණක් නොවෙයි, වඩා යහපත්, වඩා සංවේදී සහ වඩා වගකීම් සහගත සමාජයක් සහිත සුන්දර ජීවිතයක්. ඒ සඳහා නව තාක්ෂණය, නව යටිතල පහසුකම් සහ නව ආර්ථික අවස්ථා අවශ්‍ය වනවා සේ ම ඒවා නිවැරදිව භාවිත කිරීමට අවශ්‍ය මානුෂීය ගුණාංග ද අප තුළ වර්ධනය විය යුතුයි.
​ඒ වගේම මේ ගමනේදී රජයක් ලෙස අප ගන්නා උත්සාහයන්ට මහා සංඝරත්නය ලෙස ඔබවහන්සේලාගෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීමත්, සමාජය තුළ යහපත් වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගයත් අපට ඉතා වටිනා ශක්තියක් බව මා සිහිපත් කිරීමට කැමතියි.
රටක් අලුත් කිරීමේ කාර්යය රජයකින් පමණක් අවසන් වන්නේ නැහැ. ගොඩනැගෙන නව පහසුකම්, නව පද්ධති සහ නව අවස්ථා ආරක්ෂා කරමින්, ඒවා වගකීමෙන් භාවිත කරමින්, තවදුරටත් දියුණු කර අනාගත පරපුර වෙත භාරදීම සියලු දෙනාගේම වගකීමක් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.
මෙම අවස්ථාවට මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කුලපති අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරී ස්වාමීන්වහන්සේ සහ මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ ඇතුළු ගෞරවණීය මහා සංඝරත්නය වැඩමකළ අතර බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළුව ආරාධිත අමුත්තන් සහ ගිහි දායක දායිකාවන් රැසක් සහභාගී විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය
2026.08.16

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img