Tuesday, September 22, 2026
HomeNEWSමාලදිවයින් රාජ්‍ය ප්‍රධානීහු ජනපති හමු වෙති

මාලදිවයින් රාජ්‍ය ප්‍රධානීහු ජනපති හමු වෙති

මාලදිවයින් රාජ්‍ය ප්‍රධානීහු ජනපති හමු වෙතිමාලදිවයින් නියෝජ්‍ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්‍යවරු පස් දෙනෙක් අද (29) ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. ඒ අනුව, මාලදිවයින් නියෝජ්‍ය කථානායක අහමද් නසීම් (Ahmed Nazim), එහි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා ඛලීල් (Dr. Abdulla Khaleel), ආර්ථික සංවර්ධන සහ වෙළෙඳ අමාත්‍ය මොහමද් සයීඩ් (Mohamed Saeed), ආරක්ෂක අමාත්‍ය මොහමද් ගසාන් මව්මූන් (Mohamed Ghassan Maumoon), මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍ය මූසා සමීර් (Moosa Zameer) සහ ස්වදේශ ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍ය අලි ඉහුසාන් (Ali Ihusaan) යන මහත්වරු ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පැවැත්වූහ. මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත වීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ ඔවුහු දෙරට අතර ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීමේ 60 වන සංවත්සරය සනිටුහන් කරමින් සිදු කළ මෙම සංචාරය අනාගතයේදී වඩාත් ගැඹුරු සහයෝගීතාවක්, පුළුල් අවබෝධයක් මෙන්ම වඩා යහපත් මිත්‍රත්වයක් සඳහා පදනම වනු ඇති බවට විශ්වාසය පළ කළහ.මෙම සාකච්ඡා සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ. ජනාධිපති මාධ්‍ය අංශය2025-07-29

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාලව චෝදනා එල්ල වූ 24 දෙනාගෙන්, 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි. 09 දෙනෙකු නිදොස්...

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img