Sunday, September 6, 2026
HomeNEWSමීගමුව බන්ධානාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත වන්දි මුදල් පිරිනැමේ

මීගමුව බන්ධානාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත වන්දි මුදල් පිරිනැමේ

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කෙරුණි.

එහිදී ජීවිතක්ෂයට පත් වූ එක් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් එම නිලධාරීන්ගේ ඥාතීන්ට හා දූ දරුවන්ට පිරිනැමීම සිදුවිය.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල අතරතුරදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ඒ අනුව ඔවුන්ගේ ඥාතීන්ට ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ අග්‍රහාර රක්ෂණ ගෙවීම යටතේ මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීම අද සිදු කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී යුශාන් තරංග මහතා පැවසුවේ මෙවැනි අනපේක්ෂිත අවස්ථාවකදී රක්ෂණ භාර අරමුදල විසින් ඔවුන්ගේ සියලුම තොරතුරු ලබා ගැනීමකින් තොරව මෙම අවස්ථාවට මුහුණ දුන් බන්ධනාගාර නිලධාරීන් වෙත මෙම වන්දි මුදල් ඉතා ඉක්මනින් සහ කඩිනමින් ගෙවීමට තීරණය කළ බවය.

එමෙන්ම මෙම අවස්ථාවට එක්වෙමින් බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත මහතා පැවසුවේ මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් සඳහා වන්දි මුදල් පමණක් නොව තවත් සහන රැසක් ලබා දීමේ වැඩපිළිවෙළක් බන්ධානාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img