Monday, September 21, 2026
HomeNEWSරජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත් වු බවත් 2024 රැවටි මුළු ජන සමාජයම සහමුළින්ම අකර්මන්‍ය වී ඇති බවත් ගොවියා, ධීවරයා, කම්කරුවා, ව්‍යවසායකයා, දරුවන්, කාන්තාවන් ඇතුළු ලක්ෂ 220 ජනතාව අසහනයෙන් පීඩනයෙන් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ රඹෑව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමිනි.

ජන සංඛ්‍යාව ලේඛන දෙපාර්තමේන්තුවට අනුව දින තිහක් එක් පුද්ගලයකුට ජීවත් වෙන්න රු. 17315ක් ප්‍රමාණවත් බවත් මේ සංගණනය දිස්ත්‍රික් මට්ටමින් ද කර ඇති බවත් වත්මන් රජයේ ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ බොරු දත්ත මත පදනම්ව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය බොරුව අසත්‍ය ඇන්දවීම තුළ පදනම් වී ඇති බවත් එදා මැතිවරණ සමයේ කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවට රු. 150ක් දෙනවා කිව්වත් දැන් දෙන්නේ රු. 120ක් බවත් කෘෂිකර්ම ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වේ වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රු.137ක් යනවා කියා බවත් දැන් රජය කියපු ⁣එකක්වත් කළේ නැති බවත් විදුලි බිල 33%කින් අඩුකර වරායේ ගොඩබාන මිලට තෙල් දීම සහ ලක්ෂ 12 ට විට්ස් කාර් එකක් දෙනවා කිව්වත් එයද නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img