Tuesday, September 22, 2026
HomeNEWSලෝකයේ සෑම රටක්ම ශ්‍රී ලංකාව සමඟ සිටින බව ඇමති විජිත පාර්ලිමේන්තුවේදී කියයි

ලෝකයේ සෑම රටක්ම ශ්‍රී ලංකාව සමඟ සිටින බව ඇමති විජිත පාර්ලිමේන්තුවේදී කියයි

ලෝකයේ සෑම රටක්ම හදවතින්ම ශ්‍රී ලංකාව සමඟ සිටින බවට මෑතක දී සිදුවූ ව්‍යසනයෙන් පසුව මෙරටට ලබාදී තිබෙන සහයෝඟයෙන් පෙන්නුම් කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ‍අද (18) ප්‍රකාශ කළේය.අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වත්මන් තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් පළකළ විජිත හේරත් මහතා,”අනපේක්ෂිත ලෙස අපේ රට ව්‍යසනයකට ලක්වුණා. ඒ් අවස්ථාවෙ අපි තීන්දු තීරණ ගත්තා. හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත්කරන්න කියා ඉල්ලුවා. ඒ් අනුව රජය ඒ් තීරණය ගත්තා. මහජන ආරක්ෂක නීතියට අනුව ඒ් පියවර ගෙන තිබෙනවා. මේ සිදුවීම සිදුවූ අවස්ථාවේ සිට අපි සියලු දෙනා එක්ව මේ ව්‍යසනයෙන් රට මුදා ගන්න මැදිහත් වුණා. එහි ප්‍රතිඵලයක් තුළ මෙය වෙනස් කරන්න පුළුවන් වුණා. සියලු පාර්ශවයන් කැඳවා තිබෙනවා. තීන්දු ගත්තා. විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා. ඒ් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව මැදිහත් වුණා. පොලීසිය සහාය ලබාදුන්නා. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ජනතාව මුදා ගන්න කටයුතු කළා. 28 දා අපි සියලු රාජ්‍ය තාන්ත්‍රිකයන් කැඳවා දැනුවත් කළා. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින තානාපතිවරු අන්තර්ජාලයෙන් සම්බන්ධ වුණා. අපි ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටියා. ජනතාව මුදා ගන්න උපකාර ඉල්ලුවා. පැය 6 ක් යනවිට ඉන්දියාව හෙලිකොප්ටර් දෙකක් ලංකාවට ලබාදුන්නා. පාකිස්ථානය ද හෙලිකොප්ටර් යානයක් අපිට ලබාදුන්නා. ඒ් සිදුවීම සිදුවූ කෙටි කලක් තුළ ඉල්ලූ සහාය අනුව ප්‍රතිචාර ලැබුණා.ලෝකයේ සියලු රටවල් වගේ අපිට මූල්‍යමය, ද්‍රව්‍ය වගේ ආධාර ලබාදුන්නා. වෛද්‍යවරු පැමිණියා. සහන කණ්ඩායම් ආවා. ඒ් සැමට අපේ ස්තුතිය පිරිනමනවා. ඉන්දියාව සහ පාකිස්ථානය අපේ මිතුරන් සේ මැදිහත් වුණා. ලතින් ඇමෙරිකානු කලාපයේ රටවල් පවා අපිට සහාය ලබාදුන්නා. විවිධ රාජ්‍ය නායකයින්, විදෙස් ඇමැතිවරු ලංකාවේ තත්ත්වය ගැන කණගාටුව පළකර තිබෙනවා. අපේ ජනාධිපතිවරයා ඉන්දීය සහ පාකිස්ථාන අගමැතිවරුන්ට දුරකතනයෙන් කතා කළා. අපේ දුක බෙදාගෙන ඒ් අයගේ සහාය ලබාගත්තා. මාලදිවයින රජය සහ ජනතාව අපේ රටට සහාය ලබාදුන්නා. තවමත් ඒ් සහාය ලැබෙනවා. අපි තනි වෙලා නැහැ. මුළු ලෝකයම හදවතින් අපි සමඟ ඉන්නවා කියන පණිවුඩය ලබාදී තිබෙනවා. මුල් අවස්ථාවේ ජනතාවගේ ජීවිත බේරා ගන්න පියවර ගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධ ආයතන අපිට සහාය ලබාදෙනවා. ඒ් ආයතන සක්‍රියව දායක වී තිබෙනවා. සිවිල් සංවිධාන අපේ රටට සහාය ලබාදුන්නා. ලොව පුරා සිටින ශ්‍රී ලංකිකයන් ස්වෙච්ඡාවෙන් අපේ රටට උපකාර කරන්න මැදිහත් වුණා.මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න අපේ අමාත්‍යාංශය විශේෂ ඒ්කකයක් ස්ථාපිත කළා. අතරමංව සිටින සංචාරකයන්ට තොරතුරු ලබාදෙන්න පියවර ගත්තා. හදිසි දුරකතන අංකයක් ලබාදුන්නා. ඒ් වෙනුවෙන් අපි මැදිහත් වුණා. මේ තත්තවයේ දී සංචාරකයන් ලක්ෂ ගණනක් රටේ සිටියා. එක් අයෙකුට හෝ හානියක් සිදුවූයේ නැහැ. සංචාරකයන් ආරක්ෂා කරගත්තා. විදෙස් ගත ලාංකිකයන් තමන්ගේ දුෂ්කරතා මැද අපේ දූත මණ්ඩලවලට තමන්ගේ ධනය පරිත්‍යාග කළා. මුදල් අමාත්‍යාංශය මේ සඳහා ගිණුම් අංක 6 ක් හදුන්වා දුන්නා. සියලු තානාපති කාර්යාලවලට ඒ් ගිණුම් අංක ලබාදුන්නා. සියලු ද්‍රව්‍ය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සහ වරාය අමාත්‍යාංශය ඒ්කාබද්ධව ඒ් වෙනුවෙන් ඒ්කකයක් ස්ථාපිත කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ව්‍යසනයට හොඳින් මුහුණ දීලා ජනතාවට අවශ්‍ය සහන සපයන්න සමත්ව තිබෙනවා. මේ ව්‍යසනය සිදුවූ දිනවල විදුලිය, දුරකතන සබදතා අවහිර වුණා. නමුත් අපි සහන කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කළා.විපක්ෂයේ බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් සහාය ලබදුන්නා. පොදුවේ ගත්විට විපක්ෂයේ සියලු දෙනා රටක් ලෙස එකට වැඩ කළා. මේ තත්ත්වය තුළ අපේ සංචරක කර්මාන්තය සක්‍රියව පවත්වාගෙන ගියා. මේ මසායේ මේ දක්වා 93000 ක් ලංකාවට පැමිණ තිබෙනවා. මේ වසරේ දී ලක්ෂ 22 ක් ලංකාවට පැමිණ තිබෙනවා. මේ වසරේ ඉලක්කයක් තිබුණා. නමුත් මේ තිබෙන තත්ත්වය තුළ ඒ් මට්ටමට නොගියත් ඩොලර් බිලියන 3 ඉක්මවන ආදායමක් ළඟාකර ගන්න අපිට හැකිව තිබෙනවා. මේ තත්ත්වය නිසා ආර්ථිකය කඩා වැටෙනවා කියනවා. ගෑස් නැතිවෙනවා කියනවා. රට අර්බුදයකට යනවා කියනවා. එවැනි බියක් ඇ.ිකර ගතයුතු නැහැ. වැටුණු තැනින් අපි ඊටත් වඩා හොඳින් නැගිටිනවා. ජනතාව ඒ්වා පිළිගන්නේ නැහැ. ජනතාව රට ගොඩනඟන්න සූදානම් නැහැ. කිසිඳු ලෙසකින් ගෑස් හිඟයක් ඇති වන්නේ නැහැ. ටෙන්ඩර් ක්‍රමයට අනුව නව සමාගමක් තෝරාගෙන තිබෙනවා. ටෙන්ඩර් කමිටුව මඟින් නව සමාගමකට ටෙන්ඩරය ලබාදී තිබෙනවා. ඒ් වෙනුවෙන් ගිවිසුම අත්සන්කර තිබෙනවා. තත්ත්ව පරීක්ෂා කරන්න ද අවස්ථාද දී තිබෙනවා. ජනවාරි 05 වනවිට අලුත් ගෑස් නැව ලංකාවට ඒනවා. ඒ් අනුව කිසිඳු ආකාරයකින් ගෑස් හිඟයක් ලංකාවේ ඇතිවන්නේ නැහැ.” යැයි පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාලව චෝදනා එල්ල වූ 24 දෙනාගෙන්, 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි. 09 දෙනෙකු නිදොස්...

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img