Sunday, September 6, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ අසාර්ථක පිතිකරණය හේතුවෙන් T20 ශූරතාවලිය බංගලාදේශයට

ශ්‍රී ලංකාවේ අසාර්ථක පිතිකරණය හේතුවෙන් T20 ශූරතාවලිය බංගලාදේශයට

ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.ඒ ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන් 20යි 20 තරගය කඩුලු 8කින් ජයගැනීමත් සමඟය.කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රිඩාංගණයේ පැවති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.අද (16) තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදුකරමින් තරගයට පිවිසුණි.එහිදි පසුගිය තරග දෙකේදී අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්තනට අද තරගය අහිමි වෙද්දී කලකට පසුව දිනේෂ් චන්දිමාල්ට සහ කමිඳු මෙන්ඩිස්ට අවස්ථාව හිමිවුණි.ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කුසල් මෙන්ඩිස්ය.එහිදී ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 6කට දැවීගියේය.මෙම තරගයේදී යළි අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවීගියේය.වසර තුනහාමාරකට පසුව ජාත්‍යන්තර 20යි 20 තරගයක් ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමි වූ දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ලකුණු 4කට සීමා වෙද්දී නායක චරිත් අසලංක ලකුණු 3කට දැවීගියේය.එක් අන්තයක සිට හුදෙකලා ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක ලකුණු 46ක් රැස කළේය.කෙසේ වෙතත් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක්කළ දසුන් ශානක අවසාන භාගයේදී සුපිරි පිතිහරඹයක නියැලෙමින් ශ්‍රී ලංකාවට වාසිදායක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 132ක් ලෙස සටහන් වුණි.දසුන් ශානක නොදැවී ලකුණු 35යි.ලකුණු 133ක ඉලක්කයක් හඹායාම සඳහා බංග්ලාදේශ ඉනිම හුසේන් ඉමෝන් සහ ටැන්සිඩ් හසන් ආරම්භ කළේය.කෙසේ වෙතත් නුවන් තුෂාර යොමුකළ පළමු පන්දුවෙන්ම හුසේන් ඉමෝන්ව දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුනි.කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ සියලුම බලාපොරොත්තු බිඳ දමමින් සුපිරි පිතිහරඹයක නිරත වූ ටැන්සිඩ් හසන් නොදැවී ලකුණු 73ක් රැස්කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img