Wednesday, September 23, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය අවියානා තිරසර සම්මාන ද්විත්වයක්ම දිනා ගනී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය අවියානා තිරසර සම්මාන ද්විත්වයක්ම දිනා ගනී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය අවියානා තිරසර සම්මාන ද්විත්වයක්ම දිනා ගනී. ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා හෝටල් සමූහය ශ්‍රී ලංකා තිරසර සම්මානයෙන් පිදුම් ලබයි. ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) විසින් පසුගියදා සංවිධානය කරන ලද මෙම සම්මාන රාත්‍රියේ දී මෙරට සංචාර කර්මාන්තය වෙනුවෙන් සිදු කරනු ලබන මෙහෙවර සහ තිරසර ඉදිකිරීම් සඳහා අවියනා හෝටල් සමූහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතාට මෙම සුවිශේෂි සම්මාන ද්විත්වය හිමි විය.සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා පරිසරහිතකාමී ලෙස තිරසර සංවර්ධනය අනුව කටයුතු කිරීම මෙම තරු 7 අති සුඛෝපභෝගී හෝටලය තිරසර අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් ඉදිකිරීම යන කාරණා මුල්කරගෙන මෙම සම්මාන ද්විත්වය අවියානා හෝටල් සමූහය වෙත හිමිවීම විශේෂත්වයකි.13 වන ලෝක ඉදිකිරීම් සම්මන්ත්‍රණය සමඟ හවුල්කාරිත්වයෙන් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සහභාගීත්වයෙන් ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා තිරසාර සම්මාන රාත්‍රිය (SSA) 2025 පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.CIOB යනු ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය නියෝජනය කරන ප්‍රමුඛතම වෘත්තීය ආයතනයයි. නවෝත්පාදනය, තිරසරභාවය සහ කර්මාන්ත විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීමේ උරුමයක් ඇති CIOB, ධාරිතා වර්ධනය, ජාත්‍යන්තර සහයෝගීතාවය සහ හරිත භාවිතයන් සඳහා පෙනී සිටීම තුළින් ජාතික ඉදිකිරීම් න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා දායක වී ඇත. ඉදිකිරීම් අංශය තුළ සහ ඊට සම්බන්ධ තිරසර සංවර්ධනයේ සුවිශේෂී නායකත්වය සහ නවෝත්පාදනයන් පෙන්නුම් කරන පුද්ගලයින්, සංවිධාන සහ පද්ධති ඇගයීම සඳහා වන CIOB, 2025 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙල අභිමානවත් ලෙස සංවිධානයකර තිබුණි.තිරසර ගෘහ නිර්මාණ ශිල්පය, පරිසර නිර්මාණය, වගකිවයුතු ව්‍යාපෘති කළමනාකරණය, තරුණ හා ප්‍රජා සහභාගීත්වය සහ පිරිසිදු බලශක්තිය, චක්‍රීය ආර්ථික භාවිතයන් සහ නවීන තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම තුළින් කර්මාන්ත නැවත හැඩගන්වන පුද්ගලයින් මෙම සම්මාන මගින් ඇගයීමට ලක් කෙරේ. තිරසරභාවය මෙහෙයවීම, නවෝත්පාදනයන් පෝෂණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය තුළ සහ ඉන් ඔබ්බට ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා කැපී පෙනෙන නායකත්වය සඳහා SSA 2025 පිළිගැනීම පිරිනමන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව කොළඹදී පන්දම් විරෝධතාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී පන්දම් විරෝධතාවයක් පැවැත්විණි. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්. දඬුවම ක්‍රියාත්මක මොහොතේ සිට නිශ්චල - චංචල දේපළ...

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img