අංගොඩ ලොක්කා ඉන්දියාවේ දී මරා දමයි.
ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයෙක් වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා ඉන්දියාවේ දී අභිරහස් ලෙස මරණයට පත්වී ඇතැයි ලද තොරතුරක් මත බුද්ධි අංශ ඊයෙ සිට විමර්ශනයක් ආරම්භ කර තිබේ. දැනට ලැබී ඇති තොරතුරු වාර්තාවට අනුව සඳහන් වන්නේ විෂ ශරීරගත වීමකින් මරණය සිදුවී ඇති බවයි. ඔහුට කිසියම් අයෙකු විසින් වස ලබාදී ඇති බවත් ඒ මිය ගිය පාතාල සාමාජිකයෙකු ගේ බිඳක් බවටත් තොරතුරු ලැබී ඇත.






















