සමගි ජන බලවේගයේ අපේක්ෂකයාගේ රිය පොල් කඩන්නා යට කරගෙන යයි. සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂක වූ රැගත් රථය ගැටී පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි කුලියාපිටිය පොලිසිය ප්‍රකාශ කරයි. මෙම රථය නිල් රතු එළි දල්වමින් අධික වේගයෙන් ධාවනය වේ ඇති බව ජනතාව පවසයි. 20 දා රාත්‍රී 9ට පමණ කඹුරාපොල පාසල මංසන්ධියේ දී සිදුවී ඇති අනතුරින් ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ජීවිතක්ෂයට පත්වී ඇත. එසේ මියගොස් ඇත්තේ පොල් කඩා තම 16 හැවිරිදි දියණියත් මවත් රැකබලා ගනිමින් සිටි එච් එම් ධර්මතිලක නැමති පුද්ගලයෙකි. සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු මොහොමඩ් රිස්වි ජෞ හර්ෂා නැමැත්තා ගමන් ගත් රථ පෙළ අධික වේගයෙන් හෙට්ටිපොළ දෙසට ගමන් කරමින් තිබියදී ඉස්කෝලේ හන්දියේ දී මෙම අනතුර සිදුවී තිබේ. අනතුරට පත් පා පැදිකරු මීටර් 25ක් පමණ බිම දිගේ ඇදී ගොස් ඇති බව පොලීසිය කියයි.






















