Wednesday, April 22, 2026
HomeNEWSLatest Newsඅග්‍රමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් “බුදු පුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය ඇරඹෙයි

අග්‍රමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් “බුදු පුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය ඇරඹෙයි

අග්‍රමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් “බුදු පුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය ඇරඹෙයි

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය අද 2020.10.01 දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අරමුදලෙන්, බුද්ධශාසන අරමුදලෙන් සහ පරිත්‍යාග ශීලීන්ගේ පරිත්‍යාග මත මෙම හිමිකම් ප්‍රදානය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂිතය.

මෙම වැඩසටහනෙහි සමාරම්භය සංකේතවත් කරමින් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් උදෙසා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් හිමිකම් ප්‍රදානය කෙරිණි.

මෙහිදී පහත සඳහන් භික්ෂූන් වහන්සේලා අග්‍රමාත්‍යතුමා අතින් “බුදු පුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම ලැබූහ. 1. පූජ්‍ය නිකපොත චන්දජෝති හිමි2. ජූජ්‍ය දඹගහහේනේ ජිනානන්ද හිමි3. පූජ්‍ය කටුවන සෝමරතන හිමි4. පූජ්‍ය වැලිකඩ මුල්ලේ ජිනරතන හිමි5. පූජ්‍ය ඌරලියේ විමලවංශ හිමි

මෙම භික්ෂූන් වහන්සේලාගේ හිමිකම් ප්‍රදානය සඳහා අතිපූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි සහ විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්‍රිය, විශේෂඥ වෛද්‍ය ප්‍රභා සමරකෝන්, ශ්‍රියානන්ද විජේකෝන්, විශේෂඥ වෛද්‍ය විමලසිරි අබේකෝන්, මහාචාර්ය වසන්ති පිංටෝ, විශේෂඥ වෛද්‍ය නිර්මලා ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පරිත්‍යාශීලීන්ගේ දායකත්වය ලැබී තිබිණි.

බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහනට බුද්ධශාසන අරමුදලෙන් රුපියල් මිලියන 40 ක මුදලක් ආරම්භයේදී ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබිණි.  ඒ සඳහා රජයෙන් තවත් රුපියල් මිලියන 50ක දායකත්වයක් ලැබෙන අතර මේ දක්වා පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් හැත්තෑ තුන් ලක්ෂයක මුදලක් පරිත්‍යාග වශයෙන් ලැබී තිබේ. 

මෙම අවස්ථාව සඳහා පූජ්‍ය ගෝණදූවේ ගුණානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බුද්ධශාසන අරමුදලේ ලේකම් ඩබ්.ටී.එච්.රුචිර විතාන මහත්වරු ඇතුළු උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img