Saturday, April 18, 2026
HomeNEWSLatest Newsරටේ සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතුයි - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

රටේ සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතුයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

රටේ සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතුයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතු යැයි තමන් තරයේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.10.01 දින පැවැසීය.

කොළඹ සහ මහනුවරට පමණක් දැනට සීමාවන ළමා රෝහල් මින් ඉදිරියට එක් පළාතකට එක් ළමා රෝහලක් ලෙස සංවර්ධනය කොට පවත්වාගෙන යෑම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.

ලෝක ළමා දිනය හා රිජ්වේ ආර්යා ළමා රෝහලට වසර 125ක් සැපිරීමට සමඟාමීව මහල් නවයකින් යුතු දැඩි සත්කාර හා ශල්‍ය වාට්ටු සංකීර්ණයට මුල් ගල තැබීම සහ ඇට මිඳුළු බද්ධ කිරීමේ ඒකකය හා නව ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවැසීය.

ගරු අග්‍රාමාත්‍යතුමා හා ශිරන්ති රාජපක්ෂ මැතිනිය ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ට ත්‍යාග ප්‍රදානය කළහ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිල ‍වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම සහ ඩිජිටල් සායන ක්‍රම ස්ථාපනය කිරීමද ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් සිදුවිය.

හෙද නිලධාරී ජී.එච්.ජේ.හේවගේ මහත්මිය විසින් රචිත කළුවර අහසට සඳ පායලා කෘතිය ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්වීම හා ලිට්ල් හාට් අරමුදලට සුජිකල් නිෂ්පාදන පෞද්ගලික ආයතනයේ සභාපති කලන හේවා මල්ලිකා මහතා විසින් රුපියල් ලක්ෂ හතක මුදලක් පරිත්‍යාග කිරීම මෙම උත්සවයට සමගාමීව සිදුවිය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ ද කීවේය. 

“රාජ්‍ය ළමා දින සැමරුම් උත්සවය එක්ක ළමා රෝහලට එන්නපුළුවන්වීම ගැන මම සංතෝෂ වෙනවා. අද විශේෂඥ වෛද්‍යවරු එකතුවෙලා රෝහල් අධ්‍යක්ෂකතුමාගේ උනන්දුව ඇතුව, කාර්යය මණ්ඩලයේඋනන්දුව ඇතුව, ශෛල්‍යගාර දෙකක් විවෘත කරන්න ලැබුණා. මමහිතන්නේ ඒ තුළින් විශාල සේවයක් සිදු වෙනවා.

දැනට ළමා රෝහල් තියෙන්නේ දෙකයි. ඒ මෙහෙත්, නුවරත්. ළමා රෝහල්අඩු ගානේ එක පළාතකට එකක් වශයෙන්වත් සකස් විය යුතු යැයි අපේ රජය තරයේ විශ්වාස කරනවා. කෙසේ වෙතත් අද දරුවන්ගේ නිරෝගීකමවැදගත්. දරුවෝ තමයි අනාගතයේ අපේ රට භාර ගන්න ඉන්නනායකයින්. දරුවන් ආරක්ෂා කිරීම අපේ කාර්යය භාරයක් වෙනවා.

පාසල්වලට අපේ විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහත්මයා කැද දෙන්නසූදානම් වෙලා තියෙනවා. අපිත් අධ්‍යාපන ඇමතිතුමාට යෝජනා කරනවා සෑම දරුවෙකුටම කැද වීදුරුවක් වගේ ශක්තිමත් පානයක් ලබාදීමටපියවර ගන්න කියලා. අපේ කාලය තුළදී දරුවන් පිළිබඳ විශේෂඅවධානයක් යොමු කරමින් අපි කටයුතු කරන්න සූදානම් බව මතක් කළයුතුව තියෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකතුමා, විශේෂඥ වෛද්‍යවරුඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට මේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපි ස්තූතිවන්ත වෙනවා. මේ මොහොතේදී ඔවුන්ගේ විශිෂ්ට සේවය මම අගය කරනවා. ඔබ අතින් ඉටුවන්නේ අපේ අනාගත පරපුර රැක ගැනීමේ කාර්යය භාරය” යැයි අග්‍රාමාත්‍යතුමා පැවැසීය.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, රිජ්වේ ආර්යා ළමා රොහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළ වෛද්‍ය කාර්යය මණ්ඩල මහත්ම මහත්මීන් හා දෙමාපිය දූ දරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා...

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img