Saturday, April 18, 2026
HomeNEWSLatest Newsඅග්‍රාමාත්‍යතුමා රාජ්‍ය ළමා චිත්‍ර උළෙලට එක්වෙයි

අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය ළමා චිත්‍ර උළෙලට එක්වෙයි

අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය ළමා චිත්‍ර උළෙලට එක්වෙයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ, නෙළුම් පොකුණ රගහලේ පැවති රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.10.01 දින සහභාගී විය.

අප රටේ ළමා පරපුරේ නිර්මාණ කුසලතාවයන් ඇගයීමේ අරමුණින් ලෝක ළමා දිනයට සමඟාමීව 19 වෙනි රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සංවිධානය කර තිබුණි.

19 වෙනි රාජ්‍ය ළමා චිත්‍ර උළෙල – සමරු ග්‍රන්ථය සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ වැඩබලන අධ්‍යක්ෂක තරණි අනෝජා ගමගේ මහත්මිය විසින් ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්වූවාය.

මෙම උත්සවයට සමඟාමීව වයස් කාණ්ඩ පහක් යටතේ පැවති චිත්‍ර තරගාවලිය ජයග්‍රහණය කළ  දූ දරුවන්ට  අග්‍රාමාත්‍යතුමා අතින් සහතිකපත් හා සම්මාන ප්‍රදානය කෙරිණි. 

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ වැඩබලන අධ්‍යක්ෂක තරණි අනෝජා ගමගේ මහත්ම මහත්මීන්, කලාකරුවන්, දෙමාපියන්, දූදරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා...

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img