Saturday, April 18, 2026
HomeNEWSLatest Newsඅග්‍රාමාත්‍ය උපදේශක තනතුරට වෛද්‍ය සමන් වීරසිංහ මහතා පත්කරයි

අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට වෛද්‍ය සමන් වීරසිංහ මහතා පත්කරයි

අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට වෛද්‍ය සමන් වීරසිංහ මහතා පත්කරයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති, කැලණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ 2020.09.30 දින සිට අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට පත්කර තිබේ.

වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඊට අදාළ පත්වීම් ලිපිය අරලියගහ මන්දිරයේදී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ දිනයේදී ලබාගත්තේය.

2010-2015 කාල වකවානුවේ එවකට ජනාධිපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂමැතිතුමාගේ ජනාධිපති උපදේශක තනතුර හෙබවූ වෛද්‍ය සමන් වීරසිංහ මහතා, 2015 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය.

2018 මැයි මාසයේ සිට 2019 නොවැම්බර් දක්වා ජනාධිපති ජාත්‍යන්තර කටයුතු උපදේශක ලෙස කටයුතු කළ වෛද්‍ය සමන් වීරසිංහ මහතා පසුගිය වසර 30ක කාලය තුළ ශ්‍රී ලංකා – රුසියානු ආර්ථික, සංස්කෘතික සහ මානුෂීය සබඳතාවන් ඉහළ දැමීම වෙනුවෙන් කැපවී කටයුතු කර තිබේ.

රුසියානු සමූහාණ්ඩුව,රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මහතාගේ නිර්දේශය මත, විදේශිකයෙකු වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය වන ”රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මාන අණාඥාවක් (Order of Honor of the Russian Federation) ” වෛද්‍ය සමන් වීරසිංහ මහතාට පිරිනමා ඇත.

1983 වර්ෂයේදී රුසියානු – ශ්‍රී ලංකා පුර්ණ ශිෂ්‍යත්වයක් හිමිකර ගනිමින් මොස්කව් වෛද්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළත්වන සමන් වීරසිංහ මහතා එහි ප්‍රථම පන්තියේ ගෞරව උපාධිධාරියෙකුද වේ. 

ශ්‍රි ලංකා- රුසියානු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම්වරයා වන වෛද්‍ය සමන් වීරසිංහ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා...

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img