අධි බලැති විදුලි රැහැන් කණුවකට නැගි විරෝධතාකරු
අසල්වාසීන් සමඟ ඇතිවූ ආරවුලක් මුල්කරගනිමින් කොලොන්නාව ප්රදේශයේ පදිංචිකරුවෙකු එම මංසන්ධියේ ඇති අධි බලැති විදුලි රැහැන් කණුවක නැගී විරෝධතාවක නිරත වුණි.
පසුව විදුලිබල මණ්ඩලය, ගිනි නිවීමේ ඒකකය සහ පොලීසිය විසින් එම පුද්ගලයා කණුවෙන් පහළට රැගෙන එනු ලැබීය.
එම සිද්ධිය නිසා අවට ප්රදේශ රැසකට විදුලිය විසන්ධි කිරීමටද සිදු වූ අතර වැල්ලම්පිටිය කොලොන්නාව ප්රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිවූ බව වාර්තාකරු පැවසීය.






















