සාකච්ඡා අවසන් වන තුරු ගිනිගත් තෙල් නැව නිදහස් කළ නොහැකියි – MEPA
ගිනිගත් නැව නිසා මුහුදට මුසුවූ ඉන්ධන හේතුවෙන් සිදුවූ සමුද්‍ර දූෂණය ගැන සාකච්ඡා අවසන් වී නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එම සාකච්ඡා අවසන් වූ පසු පමණක් “එම්.ටී නිව් ඩයමන්ඩ්” නෞකාව රැගෙන යාමට අවසර දිය හැකි බව එම ආයතනය අදාළ බලධාරීන්ට පවසා ඇත.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නීතිපතිවරයාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බව වාර්තා වේ.






















