Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsඅග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නවරාත්‍රී උත්සවය පැවැත්වෙයි

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නවරාත්‍රී උත්සවය පැවැත්වෙයි

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නවරාත්‍රී උත්සවය පැවැත්වෙයි

අධ්‍යාත්මික ගුණ දහමින් පොහොසත්වීමට නම් සෑම පුරවැසියෙකුම නිවැරදි හා සැබෑ ආගමික අනුගාමිකයන් විය යුතු බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2020.10.20 දින පැවසීය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අනුග්‍රහයෙන් අරලියහ මන්දිරයේ පැවැති නවරාත්‍රී උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය පැතිරීම පාලනය කිරීමට රජයක් ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ අග්‍රාමාත්‍යතුමා නවරාත්‍රී දිනයේදී කොවිඩ් උවඳුර තුරන් වී සැමට යහපත උදාවේවායිහෘදයාංගමව ප්‍රාර්ථනා කරන බව කියා සිටියේය.

නවරාත්‍රී පූජාවේ යෙදීමට ජනතාව දිරිමත් කිරීම සඳහා කොවිඩ්-19 තර්ජනය හමුවේ වුව ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙවර නවරාත්‍රී උත්සවය සංවිධානය කර තිබිණි. 

ශ්‍රී ලංකා – ඉන්දියා ප්‍රජා කවුන්සිලය පිරිනමණ පාසල් දරුවන් 6 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය අග්‍රාමාත්‍යතුමා අතින්  මෙහිදී සිදු විය.

අග්‍රාමාත්‍යතුමා නවරාත්‍රී උත්සවයට එක්වූ පිරිස අමතා මෙසේද කීවේය.

‘සෞභාග්‍යයේ දැක්ම’ සමඟ රට ගොඩනගන ගමන අප සැම එක්ව ආරම්භ කර තිබෙනවා. නීතිගරුක හා සදාචාරාත්මක සමාජයක් ගොඩනැගිය යුත්තේ අප සියලු දෙනා එක්වෙමින්. සමාජයේ වෙසෙන සෑම පුරවැසියකුම අධ්‍යාත්මික ගුණදහමින් පොහොසත් වීමට නම්, ඔවුන් නිවැරදි හා සැබෑ ආගමික අනුගාමිකයන් විය යුතුයි. මේ රටේ ජනතාවට තම ආගම ඇදහීමේ අයිතිය දැන් සහතික කර තිබෙනවා.

අපගේ මව්බිම වන ශ‍්‍රී ලංකාව ඇතුළු ලෝකයේ හින්දු භක්තිකයන් ජීවත් වන සෑම ස්ථානයකම නවරාත‍්‍රී උපවාසය හා නමස්කාරය ආරම්භ වී තිබේ. සියලුම හින්දු භක්තිකයන් මවක ලෙස ගරු කරන ‘ශක්ති දෙවියන්’ නමස්කාර කිරීම චාරිත්‍රානුකූලව දින නවයක් පුරාවට මෙම ආගමික වතාවත් සිදුවෙයි.

නවරාත‍්‍රිය, සැමරුමක් ලෙස පෙනුනද එය සිදුකරනු ලබන්නේ උපවාසයක් ලෙසයි. මෙහි මුල් දින තුන දුර්ගා මාතාව හෙවත් කාලි මෑණියන් වෙනුවෙන් පූජා පවත්වමින් බලය වෙනුවෙන් අයැදීම සිදුවෙයි. මීළග දින තුන සැපත හා සම්පත උදාකර ගැනීම උදෙසා ලක්ෂ්මී දෙවියන් වෙනුවෙන් වෙන් වන අතර අවසාන දින තුන වෙන් වන්නේ අධ්‍යාපනය වෙනුවෙනි. ඒ අනුව අවසන් දින තුන පුරාවට සරස්වතී දෙවියන් සිහිකර පුද පූජා පැවැත්වීම සිදුවෙනවා.

නව රාත‍්‍රීන්ට පසුව පැමිණෙන දසවන දිනය ඉතාමත් සුවිශේෂයී. ‘‘විජයදසමි’’ ලෙසින් හඳුන්වනු ලබන එම දිනය හින්දු බැතිමතුන් සළකන්නේ ඉතාමත් සුබ දිනයක් ලෙසයි. කුඩා දරුවන්ට අකුරු කියවීමට, අලුත් වැඩ කටයුත්තක් ආරම්භ කිරීමට, අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙන්ම කලා කටයුතු සහ අධ්‍යාපන කටයුතුවල නිරත වීම ආදී ජීවිතයේ අතිශය වැදගත් කටයුතු සඳහා එදින සුබ දිනයක් ලෙස සළකනවා.

මෙය අර්ථවත් යහපත් පූජා නමස්කාරයක් වන අතර, ‘‘කොලූ’’ ලෙසින් හැඳින්වෙන සුවිශේෂී ආකාරයේ පිළිවෙතක් සැකසීම මෙම පූජා විධි අතර විශේෂයි. හින්දු කෝවිල්වල, පාසල්, ආයතන සහ නිවාස යන සෑම ක්ෂේත‍්‍රයකම සිදු කරනු ලබන මෙම දේව පූජාව තුළින් රට පුරා සමෘද්ධිය සහ සහජීවනය ඇති වේවායි අපි ප‍්‍රාර්ථනා කරමු.

කොවිඞ්-19 යනු අද අප රටේ මතුවෙමින් පවතින ප‍්‍රශ්නයක්. එය ජනතාව අතර බියජනක හැඟීමක් ඇතිකර තිබෙනවා. එවැනි බියජනක හැගීමක් අධ්‍යාත්මික ශක්තියෙන් ජය ගත යුතුයි. එම තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් රජයක් ලෙස අපි උපරිම ලෙස උත්සාහ ගනිමින් සිටිමු.

මෙවැනි දුෂ්කර අවස්ථාවක වුවද හින්දු කෝවිල් සඳහා රුපියල් 50,000බැගින් ලබා දීමෙන් ආගමික සාරධර්ම ආරක්ෂා කිරීමට අපි කටයුතු කළෙමු.

මෙතෙක් සිටි සෑම හින්දු ආගමික අමාත්‍යවරයෙකුම නවරාත්‍රී සැමරීම සිය නිවසේ සිට සිදුකළා. එම හින්දු අමාත්‍යවරුන් සේම මම ද නවරාත්‍රී රැය හින්දු ආගමික චාරිත්‍රානුකූල සම්ප්‍රදායන් ඔස්සේ ඉටු කිරීමට කටයුතු කළා.

මෙම නවරාත‍්‍රී දිනයේදී කොවිඩ් උවදුර තුරන් වී සැමට යහපත උදාවන ලෙසත් සියලු හින්දු ජනතාව සැප සම්පත් ලබා ඉතා සුවපත් ජීවිත ගත කිරීමටත්  හෘදයාංගමව ප‍්‍රාර්ථනා කරමි යැයි අග්‍රාමාත්‍යතුමා පැවැසීය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඇතුළු පවුලේ සාමාජිකයින්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන්වන ජීවන් තොන්ඩමන්, එස්.වියාලේන්ද්‍රන්, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img