Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsරාජ්‍ය සේවා කොමිසමෙන් රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

රාජ්‍ය සේවා කොමිසමෙන් රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

රාජ්‍ය සේවා කොමිසමෙන් රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හෙතුවෙන් මහජන දිනය ඇතුළු සියලු හමුවීම් අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ වෙනුවට තම සේවාලාභීන් සඳහා නව සේවාවන් හඳුන්වා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත තම ඉල්ලීම් යොමු කිරීමෙදී හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය සඳහන් කර එවීමෙන්, යොමු අංකයක් කෙටි පණිවිඩයක් මගින් සේවාලාභියාට ලබාදීමට කටයුතු කර ඇත.

PSC <හිස්තැනක්> යොමු අංකය සඳහන් කර, 0704364462 යන අංකයට කෙටි පණිවිඩයක් එවීම මගින් සේවාලාභියාගේ ඉල්ලීම සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය ක්ෂණිකව දැනගැනීමට හැකි වෙන බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

තවද, www.psc.gov.lk ඔස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙබ් අබවියට පිවිස එහි “තත්ත්ව ග්‍රහණය” කවුළුව වෙත “යොමු අංකය” ඇතුළත් කිරීමෙන් ඉල්ලීම පිළිබඳව මේ වනවිට ගෙන ඇති සියලු ක්‍රියාමාර්ගයන් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබේ.

තවද, පහත දුරකතන අංක මගින් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දෙයි.

011 -2136600 (පොදු)

011 – 2136603 (අතිරේක ලේකම්/ මෙහෙයුම්)

011 – 2136617 (ලේකම්)

ඒ ඔස්සේ සිය අවශ්‍යතාවයන් ඉටුකරගන්නා ලෙසත්, විශේෂ කැඳවීමක් කළහොත් පමණක් කර්යාලයට පැමිණෙන ලෙසත් සියලු සේවාලාභින්ට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img