Wednesday, April 29, 2026
HomeNEWSLatest Newsඅඩුවයස් විවාහ වැළැක්වීමට අවධානය යොමුවී ඇතැයි අමාත්‍ය අලි සබ්රි පවසයි

අඩුවයස් විවාහ වැළැක්වීමට අවධානය යොමුවී ඇතැයි අමාත්‍ය අලි සබ්රි පවසයි

අඩුවයස් විවාහවීම් වැළැක්වීමට අවධානය යොමුවී ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, මල්වතු – අස්ගිරි පාර්ශවයේ නාහිමිවරුන් බැහැදැකීමට අද (29) එහි ගිය අවස්ථාවේදීය. 

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

එහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ ව්‍යවස්ථාවට අනුව බුදුදහම පෝෂණය කිරීමට වගකීමක් සහ යුතුකමක් තිබෙන බවය. 

අනතුරුව අධිකරණ අමාත්‍යවරයා අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

අධිකරණ අමාත්‍යවරයා මහනුවර විහාරස්ථානයන්හි කළ සංචාරයේදී ගැටඹේ රාජෝපවනාරාම පිරිවෙන් විහාරාධිපති හිමියන් හා මල්වතු සහ අස්ගිරි පාර්ශ්ව අනුනායක වහන්සේලා ද බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

එහිදි අදහස් දැක්වු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා,

“මාව තෝරාපත් කරගෙන තියෙන්නේ මේ රටේ සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වැඩ කරන්න. මම පුංචි කාලේ ඉඳන් හෝඩියේ පන්තියේ ඉඳලා සිංහල ඉගෙන ගත්තේ. මම ඉස්ලාම් ආගම ඇදහුවාට සංස්කෘතික වශයෙන් මං පෝෂණය වෙලා තියෙන්නේ ලංකාවේ සංස්කෘතියේ. ලංකාවේ සංස්කෘතියේ කියන්නේ 70% ක් 80% ක් සිංහල බෞද්ධ සංස්කෘතියේ. අපේ සමාජයේ තුළත් ඕනෑම සමාජයක් තුළත් යම් කොටසක් ඉන්නවා අන්තවාදී අදහස් දරන. අපි උත්සාහ කරන්නේ ඒ අය තෝරගෙන කොහොමද පුනරුත්ථාපනය කරන්නේ කියලා. බහුතරයට ඉතාම අවශ්‍යයි හොඳම ශ්‍රී ලාංකිකයෝ හැටියට එකට ජීවත්වෙන්න”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img