මෙරට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) අනාවරණ කළේය.
බස්නාහිර පළාතේ සියලුම සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් ගැටලු නිරාකරණය කිරීම පිළිබඳ වැඩමුළුවක් අද (29) කොළඹදී පැවැත්වුණු අතර ඔහු මෙම කරුණු එම අවස්ථාවේදී හෙළි කළේය.
එහිදි තෙන්නකෝන් මහතා පැවසුවේ, ඉන් විසි පන් දහසකට වැඩි පිරිසක් බස්නාහිර පළාත තුළ සිටින බවය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා වැඩි වශයෙන් මුදල් හුවමරු කිරීම සිදුවන්නේ ජංගම දුරකථන ඔස්සේ සම්බන්ධ වීමෙන් බවත් ඒ සම්බන්ධයෙන්ද ඉදිරියෙදී ක්‍රියාමාර්ග ගන්නා බවත් තෙන්නකෝන් මහතා වැඩිදුරත් පැවසීය.






















