Tuesday, November 10, 2026
HomeNEWSඅත්අඩංගුවටගත් පුද්ගලික ගුවන් සමාගමේ ප්‍රධානීන් අධිකරණයට

අත්අඩංගුවටගත් පුද්ගලික ගුවන් සමාගමේ ප්‍රධානීන් අධිකරණයට

අත්අඩංගුවට ගනු ලැබූ සකුරායි පුද්ගලික ගුවන් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා සහ එහි ප්‍රධාන ඉංජිනේරුවරයා අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සැකකරුවන් ඊයේ (10) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන්ගෙන් එක් අයෙකු 53 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා 46 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

මෙම පුද්ගලික ගුවන් සේවයට අයත් යානා 02ක් පසුගියදා පයාගල සහ කටාන යන ප්‍රදේශවලට හදිසියේ ගොඩබාන ලදී.

කටාන, කිඹුලාපිටිය ප්‍රදේශයට ඉන් එක යානයක් හදිසියේ ගොඩබාන විට එහි සිටි විදේශිකයින් දෙදෙනෙකු තුවාල ලැබීය.

මෙම සිදුවීම්වලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදුකර ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් තාක්ෂණික වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව සැකකරුවන් විසින් මනුෂ්‍ය ජීවීතයකට හෝ වෙනත් තැනැත්තෙකුගේ පුද්ගලික ආරක්ෂාවට මෙන්ම අන්තරාදායක ලෙස හෝ නොසැලකිලිමත්කමින් හා එවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයෙකුට තුවාල හෝ බරපතළ තුවාල සිදුකිරීම සඳහා වන දණ්ඩ නීතී චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුවන් අද මීගමුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img