Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅත්අඩංගුවට ගත් වෙලේ සුදාගේ මස්සිනා

අත්අඩංගුවට ගත් වෙලේ සුදාගේ මස්සිනා

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජික “වෙලේ සුදාගේ“ මස්සිනා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඉමදූව, ඇල්ලගොඩ ප්‍රදේශයේ දී ඉමදූව පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1500ක් සහ ජංගම දුරකථන 04ක්  පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු වෙලේ සුදාගේ බිරිඳගේ සහෝදරියක සමග විවාහ වී සිටි පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

ඔහු බන්ධනාගාරයේ රඳවා සිටින “වෙලේ සුදා“ සහ “ඌරු ජුවා“ යන බැලීමට ගොස් අවස්ථා ගණනාවක දී ඔවුන්ට විවිධ නීති විරෝධි ද්‍රව්‍ය සැපයීම ද සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

සැකකරුගේ බැංකු ගිණුමට ගත වූ මාස දෙක තුළ රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් බැරවී ඇති බවට ද අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙලේ සුදාගේ මස්සිනා සමග ඔහුගේ නිවෙස් රැඳී සිටි නුගේගොඩ, කොහුවල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img