රාජ්‍ය ආයතනවල මහජන දිනය පැවැත්වෙන දිනය වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
මෙතෙක් බදාදා පැවති මහජන දිනය, සඳුදා තෙක් වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී ඇත.
ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම දිනයේදී අනිවාර්යෙන් ම සිය කාර්යාලවල රැඳීසිටිය යුතු බව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.






















