අද (10) දිනයේත් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
කලාප 20ක් යටතේ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,G,K,L යන කලාප 12 සඳහා පෙරවරු8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය දෙකයි මිනිත්තු 30ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ පැයයි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.
ඊට අමතරව P,Q,R,S,T,U,V,W යන කලාප 8 සඳහා පස්වරු 5.00 සිට රාත්‍රි 11.00 දක්වා දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
ඊයේ (09) දිනයේත් මේ ආකාරයටම විදුලි කප්පාදුවක් සිදුවූ අතර ලබන සතියෙන් පසුව විදුලි කප්පාදුව අවම කිරීමට හැකි වනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේය.






















