Monday, November 9, 2026
HomeNEWSරජයේ කර්මාන්තශාලාව යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ වැඩ පුළුල් කෙරේ.

රජයේ කර්මාන්තශාලාව යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ වැඩ පුළුල් කෙරේ.

 ගරු අගමැතිතුමාගේ උපදෙස් පරිදි කොලොන්නාව රජයේ කර්මාන්තශාලාව යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ වැඩ පුළුල් කෙරේ.

      රජයේ කර්මාන්ත ශාලාවෙන් කොම්පෝස්ට් පොහොර සඳහා අමුද්‍රව්‍ය සකස් කිරීමේ යන්ත්‍රයක් සහ ධාන්‍ය වර්ගවල පොතු ඉවත් කිරීමේ යන්ත්‍රයක්.

    එම යන්ත්‍ර දේශීයව නිෂ්පාදනය කිරීම නිසා විදේශ විනිමයේ ඉතිරියක්.

රජයේ යාන්ත්‍රික ඉංජිනේරු ව්‍යාපෘතිවලට පමණක් සීමා වී තිබූ කොලොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව විවෘත වෙළෙඳපොළ සමඟ තරග කරමින් යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ නව වැඩ කටයුතු පුළුල් කරමින් ඇරඹූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ නව වැඩ කටයුතු නිසා ඇතැම් යන්ත්‍ර විදේශ රටවලින් ආනයනය නොකර නිෂ්පාදනය කිරීමට හැකිවීම තුළින් විදේශ විනිමය ඉතිරි කරගත හැකි නිසා මෙම වැඩකටයුතු කඩිනමින් සිදුකරන ලෙසට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් රජයේ කර්මාන්තශාලාවට උපදෙස් ලබා දෙන ලදී.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ අධීක්ෂණය යටතේ කොළොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව මඟින් මෙම නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙළ යටතේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙසින් ක්‍රියාවට නැගෙන කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාව මේ වන විට නව නිෂ්පාදන සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවමින් සිටියි.

රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කටයුතු පුළුල් කිරීමත් සමඟම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කොළ අතු කැබලි කිරීමේ යන්ත්‍ර 100 ක නිෂ්පාදන ඇණවුමක් ලබා දී තිබේ. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට නියමිත රට තුළ ස්ථාපිත ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා දීම සඳහාය.

එක දිගට පැය 06 ක් ක්‍රියාත්මක කළ හැකි මෙම යන්ත්‍රයේ ධාරිතාවය පැයකට ටොන් 01 කි. මෙම යන්ත්‍රය මඟින් කොළ අතු අඟල් 02 – 04 ත් අතර ප්‍රමාණයෙන් කුඩා කොටස්වලට කැබලි කිරීමේ හැකියාව පවතී.

මෙම යන්ත්‍රයක දළ වටිනාකම රුපියල් හාරලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වේ. යන්ත්‍රය තුන් ආකාරයකට ක්‍රියාත්මක කළ හැකි වන සේ නිෂ්පාදනය කර තිබේ. ඒ ට්‍රැක්ටරයකට, එන්ජිමකට සහ මෝටරයකට සම්බන්ධ කිරීමෙනුයි.

මේ සමඟ නිෂ්පාදනය කර ඇති අනෙක් යන්ත්‍ර වනුයේ ධාන්‍ය වර්ගයක් වන කවුපි ඇටවල පොතු ගලවා ඉවත් කිරීමේ යන්ත්‍රයි. එම යන්ත්‍ර ගණන 24 කි. මෙම යන්ත්‍රයක දළ වටිනාකම රුපියල් ලක්ෂ හතරහමාරකි. මෙම යන්ත්‍රය අශ්වබල 12 ක ට්‍රැක්ටර් එන්ජිමකට සවිකිරීමෙන් ක්‍රියාත්මක කළ හැකිය.       

ඉතා උසස් තත්වයේ කොටස් යොදා මෙම යන්ත්‍ර වර්ග දෙක නිෂ්පාදනය කර ඇති අතර, විදේශයන්හි සිට ගෙන්වනු ලබන යන්ත්‍ර වර්ගවලට වඩා අඩු මිලකට අලෙවි කෙරේ. මෙම යන්ත්‍ර නිතර නිතර අලුත්වැඩියා කිරීමට සිදු නොවන බවත්, එම හේතුවෙන් අමතර කොටස් නිතර නිතර අවශ්‍ය නොවන බවත්, එසේ වුවත් අමතර කොටස් අවශ්‍ය තරම් තොග පවත්වාගෙන යන බවත් කොළොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු බී.ටී.සී. ජයසිංහ මහතා පවසයි.

දැනට නිෂ්පාදනය කර ඇති මෙම යන්ත්‍ර දෙක වඩා ඉහළ තත්වයකට ගෙන ඒම සඳහා යාන්ත්‍රික පර්යේෂණ දිගින් දිගට ම කරගෙන යන බව කොලොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික අධිකාරි රුක්ෂාන් ප්‍රමෝද් මහතා ප්‍රකාශ කර සිටී.

මෙම යන්ත්‍ර වර්ග 02 නිෂ්පාදනය කිරීමෙන් 2022 වසරේ මුල් කාර්තුව තුළ රුපියල් මිලියන 70 ක විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කර දීමට කොලොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සමත්ව සිටියි.

පසුගිය 2021 වසර තුළ පමණක් රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව මෙරටට ඉතිරි කර දුන් විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 200 කි. මෙම වසරේ සිට එම ප්‍රමාණය රුපියල් මිලියන 200 සීමාව ඉක්මවා ඉතිරි කිරීමට අවශ්‍ය සැලසුම් සහ ක්‍රියාකාරකම් මේ වන විට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සකස් කරමින් සිටියි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිමල් පෙරේරා, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු කේ. පී. වතුගේ, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වැඩ අධ්‍යක්ෂ, ඉංජිනේරු බී. ටී. ඩී. ජයසිංහ, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අලෙවි, ඉංජිනේරු එස්. එන්. බී. එම්. පද්මසිරි, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ වැඩ අධ්‍යක්ෂ, ඉංජිනේරු ආනන්ද විජේසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම නිෂ්පාදනයන් රජයේ කර්මාන්ත ශාලාව මඟින් ක්‍රියාත්මක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img