Tuesday, November 10, 2026
HomeNEWSඅධ්‍යාපන විද්‍යා පීඨ 2022 ජනවාරි 15 වැනිදා ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය...

අධ්‍යාපන විද්‍යා පීඨ 2022 ජනවාරි 15 වැනිදා ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්, අදාළ නිලධාරීන්ට, උපදෙස්.

අධ්‍යාපන විද්‍යා පීඨ 2022 ජනවාරි 15 වැනිදා ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශයේ ඊයේ(2022.01.12) පැවති රැස්වීමකදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ජනවාරි 15වනදා විද්‍යා පීඨ කටයුතු ආරම්භ වන අතර, 18 වනදා සිට අධ්‍යාපන කටයුතු ආරම්භ වීමට නියමිතය. එමෙන්ම දැනට පාසල්වල උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන්ට, එම විෂයයේ ගුරු පුහුණුව සඳහා ඇතුළත් වීමට නව විද්‍යා පීඨයක් ආරම්භ කිරීම කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. දැනට දිවයින පුරා විද්‍යා පීඨ 19ක් ඇති අතර, තාක්ෂණ විෂයේ ගුරු පුහුණුව සඳහා නව විද්‍යා පීඨයක් ආරම්භ වීමත් සමඟ විද්‍යා පීඨ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ යයි.

පසුගිය කාලයේ අධ්‍යාපන විද්‍යා පීඨ වසා දමා තිබුණේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස මහජනතාව උදෙසා ඒවා ක්‍රියාත්මක කරවීම හේතුවෙනි.

මේ වන විට විද්‍යා පීඨයන්හි සිසුන් 7784 දෙනකු පමණ ගුරු පුහුණුව ලබමින් සිටින අතර එයින් 4547 දෙනකු පමණ කඩිනමින් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ සුදුසුකම් සම්පූර්ණ කරමින් සිටිති. එම පිරිස අදාළ ක්‍රියාවලියට අනුව කඩිනමින් ගුරුවරුන් ලෙස බඳවා ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම විද්‍යා පීඨ සඳහා අලුතින් බඳවා ගන්නා සිසුන් සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්වී ඇති අතර අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ  සිසුන් නියමිත පරිදි බඳවා ගැනීම කඩිනම් කරන ලෙසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේදී ඊයේ පැවැති රැස්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, විද්‍යා පීඨ වැඩ බලන කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img