Sunday, September 20, 2026
HomeNEWSඅධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න - විපක්ෂ නායක...

අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න – විපක්ෂ නායක සජිත්

නඩු කටයුතු ප්‍රමාද වීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කඩිනමින් අධිකරණ පද්ධතියේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ කාර්යභාරය ක්‍රියාත්මක කළත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග කිසිදු සාකච්ඡාවක් නොකර අවිධිමත්ව අක්‍රමවත්ව ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ සෙසු අනපනත් සංශෝධනය සම්බන්ධයෙන් පැහැදිලි ව්‍යාකූලත්වයක්, අවිනිශ්චිතතාවක් සහ බරපතළ විරෝධයක් නිර්මාණය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

විනිසුරු විශ්‍රම වයස වැඩි කිරීම ගැන මන්ත්‍රිවරු දැනුවත් කරන්න නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරනවා

මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මේ වැදගත් කරුණ ගැන දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය බවත් එම නිසාම එළැඹෙන බදාදා දින සවස 3.00ට පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රිවරුන් 225ටම මේ සිදු කරන සංශෝධන ගැන කරුණු පැහැදිලි කරන ලෙස නීතිඥ සංගමයට ආරාධනා කළ බවත් එය මේ වන විට අත්‍යාවශ්‍ය කරුණක් නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම දැනුවත් කිරීමේ කාර්ය ඉටු කිරීමට සහාය ලබා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඒ තුළින් විධිමත් සාකච්ඡාවක් ප්‍රශස්ත ප්‍රබුද්ධ අදහස් හුවමාරුවක් තුළින් දැනුවත් වීමක් සිදුවිය යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීමක් සිදු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ සියලු යෝජනා කතානායකවරයාට දුන්නා

එසේම ලක්ෂ 11ක් පමණ නඩු කටයුතු ප්‍රමාද වීම, ක්‍රමවේද සම්බන්ධ ගැටලු සහ අඩුපාඩු මඟහරවා ගැනීමට පියවරක් ලෙස විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කරන බවට රජය ඉදිරිපත් කරන මොහොතක මේ නඩු කටයුතු වේගවත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර මේ බරපතල ගැටලුවට විධිමත් විසදුමක් ලබා දීමට යෝජනා කරන බවත් මේ තේරීම් කාරක සභාව ස්ථාපිත විය යුතුය යන යෝජනාව කතානායකවරයා වෙත බාර දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න කැප වෙනවා

අප රටේ අධිකරණයේ ස්වාධිනත්වය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම යුක්තිය පසිදලීම සහ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමේ සත්භාවයෙන් යුත් අරමුණ පෙරදැරි කර ගෙන මේවා යෝජනා කරන බවත් අප රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තවත් ශක්තිමත් කළ යුතු බවත් එය දුර්වල කිරීම අභාග්‍යසම්පන්න දෙයක් බවත් සමගි ජන බලවේගය නිරන්තරයෙන් අධිෂ්ඨානශීලීව අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සුරක්ෂිත කිරීමට කැපවෙන බවත් කළ හැකි ඉහළම උත්සාහයන් ඒ වෙනුවෙන් දරන බවත් ජන සවියෙන් ජන බලයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්න කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img