Sunday, September 20, 2026
HomeNEWSආරුගම්බේ 'සන්සෙට් වීව් පාර්ක්' ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

ආරුගම්බේ ‘සන්සෙට් වීව් පාර්ක්’ ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

​ආරුගම්බේ ‘සන්සෙට් වීව් පාර්ක්’ ව්‍යාපෘතිය අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ..

​ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය සියලුම තොරතුරු සහ සේවාවන් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණින් ඉදිකෙරෙන ‘සන්සෙට් වීව් පාර්ක්’ (Sunset View Park) තොරතුරු සහ සේවා මධ්‍යස්ථානයට මුල්ගල තැබීම, පසුගියදා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරුගම්බේ පාලම අසලදී සිදු කෙරිණි.

​වසර ගණනාවක් තිස්සේ ප්‍රමුඛතාවයක් හිමි නොවී ප්‍රමාද වෙමින් පැවැති, ප්‍රදේශයට අත්‍යවශ්‍ය අංගයක් වූ මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍යාංශය මඟින් අවශ්‍ය සියලුම මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් එක්ව නියමිත කාලය තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කර ප්‍රාදේශීය ජනතාවට සහ සංචාරකයන්ට අයිති කර දීමට අපේක්ෂා කෙරේ.

​සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ මැදිහත්වීම සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ නායකත්වය හා සම්බන්ධීකරණය යටතේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, ආරුගම්බේ ප්‍රදේශය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සංචාරක කලාපයක් බවට පත්කිරීමේ ආරම්භයක් ලෙසද සැලකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img